මහාචාර්ය පියාඹන පීරිස් හෙවත් ”පිපී” තමා විසින්ම තනාගත් පරිගණක රොබෝ මිනිසා වන ”කොම්පීතරය” ගේ උපකාරයෙන් පොතක් ලියයි. එහි ඇත්තේ ඓතිහාසික වටිනාකම් සහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරුය. එහෙත් එයට කුමන නමක් යොදන්නේදැයි ඔහුගේ කල්පනාවට නොඑයි. පිපීගේ මුනුපුරා වන සෑම්ට තම සීයා සමඟින් පාසල් නිවාඩුවේදී ගමනක් යාමට අවශ්‍ය වෙයි. ඔහු නිතර පිපීට ඇවිටිලි කරයි. තමා ලියූ පොතේ සිටිනා පුද්ගලයන්ව ඔහු මුනුපුරාට මුණගස්වා දීමට කාලය යානයකින් අතීතයට යයි. අතීතයේ සෑම දෙයක්ම ඒ අතීත තත්ත්වාකාරයෙන්ම ඔවුන්ට පෙනෙන නමුදු, ඔවුන් දෙදෙනා යම් උපකරණයක් පැළඳීම හේතුකොටගෙන වෙනස් නොවෙයි. ක්‍රි.පූ. වසර 40,000 ක් පමණ වූ ”පේලියෝලොතික” යුගයට යන මේ දෙදෙනාට, තනි ගලකින් තැනූ පරිගණක යාන්ත්‍රික මිනිසෙක් මුණ ගැසෙයි.ඔහු ”පේලියෝ” ය. ඉදිරි මග පෙන්වීමට ඔහුද මේ දෙදෙනා සමඟ එක්වෙයි. ”පේලියෝ” විසින් ඔරිග්නේෂියන් මානවයා විසින් නිර්මාණය කරන ලද බිතුසිතුවම් අතර තිබෙන අඩි 17ක් දිග ඉදිරියට පනින ”බයිසන්” ගව රුව පෙන්වා දෙද්දී, සිනමාවේ පුරෝගාමීන් වූ ලුවී ලුමියෙර් සහ ඔගස්ටන් ලුමියෙර් දෙසොයුරෝ එතනට විත් තම සිනමා ප්‍රක්ෂේපණ දක්වයි. මෙම ගමනට බයිසන් ද ඔවුන් තිදෙනා හා එක්වෙයි. ඔවුන් ඉදිරියට යන විටදී, චාර්ල්ස් ඩාවින්, ඇල්බට් අයින්ස්ටයින්, ඇඩොල්ෆ් හිට්ලර්, කාල් මාක්ස්, ටූටාන් කාමන්, තෝමස් අල්වා එඩිසන්, ආකිඩිමීඩිස් ඇතුළු ඉතිහාසගත චරිත රැසක් මුණගැසෙයි. අවසානයේදී මහාචාර්ය පිපී සහ සෑම් සමඟින් වර්තමානයට පැමිණෙන්නේ අතීතයට ගිය කාල යානයෙන්ම පේලියෝ සහ බයිසන් ද සමගිනි.
ශ්‍රී ලංකාවේ තෙවන කාටුන් සිනමා කෘතිය ප්‍රේක්ෂකයා වෙත රැගෙන එන, සිනමා විද්‍යාඥ ගිවන්ත අර්ථසාද් නම් වූ ඔහු, දේශීය සිනමාවට අවතීර්ණ වනුයේ, 1971 වසරේ ”අන්දරේ” නමින් මෙරට නිපදවුණු ප්‍රථම කෙටි කාටුන් චිත්‍රපටය නිර්මාණය කරමිනි. ඉන් අනතුරුව මුහුද යටට ඉර පායයි, දේවදත්ත, ලෝකෙම සාක්කුවේ ඇතුළු කාටුන් කෙටි චිත්‍රපට 13 ක් පමණ නිර්මාණය කළ ඔහු, ඉන් බොහෝමයක් සඳහා දේශීය හා අන්තර්ජාතික ඇගැයුමට ලක් විය. මෙරට කාටුන් චිත්‍රපට නිර්මාණයේ පුරෝගාමියා වූ ඔහු, ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ ප්‍රථම වෘත්තාන්ත පුළුල් තිර කාටුන් චිත්‍රපටය ලෙසින් 1979 දී ”දුටුගැමුණු” තිරගත කළ නමුදු, තිරගත වූ දිනට පසු දින ප්‍රදර්ශනය අත්හිටවන ලදී. ඒ ආකාරයෙන්ම 2001 වසරේදී ”මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි” නමින් සිය දෙවන කාටුන් වෘත්තාන්ත නිර්මාණය එළිදැක්විණ. අංශ රැසක පෘථුල අත්දැකීම් සහිත ඔහු පුවත්පත් ලේඛකයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු,
වේදිකා නාට්‍ය අංග රචනා, ඇඳුම් නිර්මාණ සහ පසුතල නිර්මාණ ශිල්පියෙකු, මාධ්‍ය සංකල්ප රචක හා දෘශ්‍ය වියමන් ශිල්පියෙකු සේම සිනමා නිර්මාණකරණයේදී අධ්‍යක්ෂකවරයෙකු, කලා අධ්‍යක්ෂවරයෙකු, සංස්කරණ ශිල්පයකු සහ කැමරා ශිල්පයකු ද, දර්ශන ප්‍රයෝග ශිල්පියෙකු, තිර පිටපත් හා ගීත රචකයෙකු, ගායකයෙකු, රංගන ශිල්පියෙකු සහ පසුබිම කතිකයෙකු ද, මෙරට විශ්වවිද්‍යාල කිහිපයකට ජනමාධ්‍ය හා සන්නිවේදනය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකුද වෙයි. චිත්‍රපට
රැසකටම නාමාවලිය සජීවීකරණය කළ ඔහු ජනප්‍රිය වෙළඳ දැන්වීම් රැසක නිර්මාණකරුවාද වන අතර ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනී ආයතනයන්හී ඉහළ ශ්‍රේණියේ තනතුරු රැසක් හෙබවූ, සිනමාව වෙනුවෙන් අත්‍යවශ්‍ය කරන මෙවලම් රැසක් නිර්මාණය කරන ලද බහුශ්‍රැත නිර්මාණකරුවෙකි.
යුරේකා චිත්‍රපටයේ රංගන දායකත්වය
සංවාද හඬ ගැන්වුම -ලියොන් සැමුවෙල් (සෑම්), රොඩ්නි වර්ණකුල (මහාචාර්ය පිපී), ලූෂන් බුලත්සිංහල (ගවනර් බයිසන්),
ආචාර්ය ජයලත් මනෝරත්න (පේලියෝ), සිරිල් වික්‍රමගේ (දුටුගැමුණු), හෙන්රි ජයසේන (කාවන්තිස්ස),
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න (තාගෝර්), ලොයිඩ් ප්‍රනාන්දු (ඇල්බට් අයින්ස්ටයින්), අජිත්
මෙන්ඩිස් (හිට්ලර්-රාවණා-යෝසෙප්- ටූට් අන්ක් අමෝන්), සඳුන් විජේසිරි (රයිට් සහ ලුමියර්
සහෝදරයෝ), දිනේෂ් ප්‍රියසාද් (චාර්ල්ස් ඩාර්වින්), ටෙනිසන්කුරේ (ලෙනාර්ඩෝ ඩාවින්චි), අජිත් ප්‍රනාන්දු
(සර් අයිසැක් නිව්ටන්), විරංජන් පෙරේරා (ආකිමීඩිස්, ක්‍රිසන්ත මේදිස් (කාර්ල්මාක්ස්-එංගල්ස්),
ඩිලන්තා සම්පත් වඩු (සෙන්ට් නික්ලස්), නලින්ද කුරේ (රාජකයා), ප්‍රියන්ත සුරංජිත් මහ වඩුගේ
(ගැලීලියෝ ගැලිලි- පඬිවරයා-කොලොම්බස්), සංඛජ අර්ථසාදි (කොම්පීතර – වෘක්ෂ) ලංකා පෙරේරා
(මහාචාර්ය දියණිය), ශේෂාද්‍රී ප්‍රියසාද් (මරියා), සමන්මලී ඉන්දිකා (රජ බිසව-කිරිල්ලිය), දිලංකා
ලක්මාලී (වෘක්ෂය), සරසිජ රන්සක් අර්ථසාද් (රොටී ළමයා), ගාමිඳු රාජනායක (ගරු රඟපෑම්)
කාර්මික දායකත්වය
සජීවීකරණය, සිනමා කැමරාකරණය, දර්ශන සැරසිලි, සිනමා සමෝධානය , වර්ණ ව්‍යාංජන සහ
අධ්‍යක්ෂණය – ගිවන්ත අර්ථසාද්
ඉදිරිපත් කිරීම – ගිවා ස්ටුඩියෝස්
බීජය – සරත් කැල්ලපත
වර්ධනය – ගිවන්ත අර්ථසාද්, රොෂාන් ප්‍රියදර්ශන, ගයාන් විරසිංහ
තිර නාටකය – ගිවන්ත අර්ථසාද්
සංවාද රචනය – ගිවන්ත අර්ථසාද්, රොෂාන් ප්‍රියදර්ශන, ලියෝන් සැමුවෙල්
සංකල්ප – පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි (බෞද්ධ සංස්කෘතිය), කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස
(චින්තන විප්ලවය) ආචාර්ය අනුරාධ මහසිංහ (විශ්වයීය සිද්ධාන්ත) ගයාන් වීරසිංහ (සාමාජයීය හා
දේශපාලනික) රහාල් සේන්ටි ක්ලෙයාර් (වාස්තු විද්‍යා) ස්වර්ණා අර්ථසාද් (ඓතිහාසික)
ඉංග්‍රීසි පරිවර්තනය – ලියෝ ෆොන්සේකා
ශබ්ද සැරසිලි – ලාල් දිසානායක, නන්දා ජයකොඩි
5.1 නාද සැලසුම්කරණය – ගිවන්ත අර්ථසාද්
5.1 නාද සම්මිශ්‍රණය – සංඛජ අර්ථසාද්
පසුබිම් සංගීතය – එරංජන් විරංජන්
අතිරේක සංගීතය – සෝමපාල රත්නායක, චතුර රසාත්
ගී පද රචනා – තිලකරත්න කුරුවිට බණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, නිලාර් එන්. කාසිම්,
ක්‍රිෂාන්ත මේදිස්, නෝමන් ප්‍රනාන්දු, ගිමන්ත අර්ථසාද්
ගීත ගායනය – ආචාර්ය වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, සූර්යා දයාරුවන්, සුනිල් පෙරේරා,සෝමසිරි ප්‍රනාන්දු, රොඩ්නි වර්ණකුලසූරිය, එරංජන් පෙරේරා, නිහතමානි පෙරේරා, එරංජන් විරංජන්,සෝනි මර්සිඩීන්ස්, කාංචනමාලා ජයවර්ධන, නෙල්සන් මෙන්ඩිස්, රුමේශා ද සිල්වා, ළහිරු ප්‍රනාන්දු,ගිවන්ත අර්ථසාද්, දිලංකා ලක්මාලි
ගී තනු නිර්මාණ – චතුර රසාත්, එරංජන් විරංජන්, සෝමපාල රත්නායක, තිරාජ් ලෙස්ටර්, හර්බට් සිල්වා, නිශ්ශංක විමලසූරිය
අත්වැල් ගායනා – ස්ටෙෆනී ග්ලෝරියා, චතේෂ මෙන්ඩිස්, රියානා ප්‍රනාන්දු, ගෝසිත රතුරංග සජීවදර්ශන
කැමරාකරණය – චන්න දේශප්‍රිය
කැමරා සහය – අනුර කොඩිතුවක්කු
නාද සටහන – අරුණ සංජය
සංඛ්‍යාත සිනමා සංචය – ආනන්ද බණ්ඩාර, අමිල මධුවන්ත රණවීර
තාක්ෂණ සහය – දිනේෂ් ගල්පාය, කිෂාන් චේතන, පුබුදු ආසිරි ජයසිංහ
සංස්කරණ උපදේශක – ලාල් දිසානායක
සහය අධ්‍යක්ෂණය – රොෂාන් ප්‍රියදර්ශන, ගයාන් වීරසිංහ
කලා අධ්‍යක්ෂණය – රොෂාන් ප්‍රියදර්ශන
නිශ්චල ඡායාරූප – බර්ටි ගුණසේකර, නිමල්සිරි රෝසා, අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, ඉසිර ප්‍රනාන්දු,උදේනි අල්විස්, කවිඳු පෙරේරා, රොනේෂ් ප්‍රනාන්දු
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු