Home » උදුම්බරාට සහ හිරණ්‍යාට ඕස්ට්‍රේලියාවෙන් සම්මාන

උදුම්බරාට සහ හිරණ්‍යාට ඕස්ට්‍රේලියාවෙන් සම්මාන

by Thanushika
October 24, 2024 9:34 am 0 comment

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ශ්‍රී ලාංකේය නර්තනය උගන්වන නර්තන විශාරද උදුම්බරා කරුණාරත්න සහ ගායන ශිල්පිනී හිරණ්‍යා දුලාශිනී මනෝරත්න පසුගිය දින එරට පැවැති ආලෝකා සම්මාන උළෙලේදී 2024 වර්ෂයේ දක්ෂතම නර්තන ශිල්පිනියට සහ දක්ෂතම ගායිකාවට හිමි සම්මානය හිමි කරගත්තාය.

වසර විසි දෙකක් තිස්සේ සිය සැමියා සමඟ රංගන උදුම්බරා නර්තන කණ්ඩායම පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකික දරු දැරියන්ට මෙන්ම ඕස්ට්‍රේලියානු දරු දැරියන්ට ශ්‍රී ලාංකික නර්තනය ඉගැන්වීම වෙනුවෙන් කරන ලද සේවය උදෙසා මෙම සම්මානයෙන් උදුම්බරා කරුණාරත්න පිදුම් ලැබු අතර 2024 වසරේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන සමස්ත ශ්‍රී ලංකික ප්‍රජාව අතරින් දක්ෂතම ගායිකාවට හිමි ආලෝකා සම්මානය හිමි කර ගැනීමට හිරණ්‍යා සමත් වූවාය. අප අතරින් වෙන්ව ගිය ජ්‍යේෂ්ඨ සම්මානිත ප්‍රවීණ රූපණවේදියකු හා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වු ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ලේලියද වන්නේ හිරණ්‍යා දුලාශනියි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT