එකල කපිලවස්තු පුරයෙහි රාජ්‍ය කළ සුද්ධෝදන රජතුමා දෙව්දහනුවර සිටි එකම පවුලේ සොහොයුරියන් වූ, මහාමායා සහ ප්‍රජාපතී යන සුරූපී රාජ කුමාරිකාවන් දෙදෙනෙකු විවාහ කර ගනී. මෙම විවාහ සම්බන්ධයෙන් ජෛන භික්ෂුණියක් අනාවැකියකින් පවසා තිබුණේ, එම බිසෝවරුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ කුසෙහි බුදුවරයෙකු හෝ සක්විති රජෙකු වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු පිළිසිඳ ගන්නා බවත්, ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයා බුදුවරයෙකු වුවහොත්, එම දරුවා බිහිකරනා මව දින හතකින් මිය යන බවයි. සුද්ධෝදන රජුගේ කැමැත්ත මතු සක්විති රජෙකු වන දරුවෙකු දැකීමය. පින්වතු දරුවකු උපදී. ඔහුට සිද්ධාර්ථ යැයි නම් තැබේ. පෙර අනාවැකිසේ දරු ප්‍රසූතියෙන් දින හතකට පසු මහාමායා මිය යයි.
එතැන් සිට සිද්ධාර්ථගේ මව වන්නේ ප්‍රජාපතී ය. ප්‍රජාපතීටද සුද්ධෝදනට දාව නන්ද සහ නන්දා නම් දරු දෙදෙනෙකි. නන්ද උපදින්නේ සිද්ධාර්ථ ඉපදී දින කිහිපයකට පසු ය. තම පුතු කිරි මවුන්ට පවරා, ප්‍රජාපතී සිය දෙතනෙහි කිරෙන් සුද්ධෝදන පෝෂණය කරනු ලබන්නේ මතු බුදුවන බුදුවරයෙකු දැකීමේ අපේක්ෂාවෙනි.
සිද්ධාර්ථ යෞවන වියට එළැඹීමත් සමඟින් ප්‍රජාපතී ගේ සොයුරු සුප්‍රබුද්ධගේ දියණිය යශෝධරා කෙරෙහි ප්‍රේමයක් හට ගනී. ඔවුන්ගේ විවාහය ද සිදුවේ. ඔවුනට දාව රාහුල නමින් පුතෙකු උපදී. පසුව සිද්ධාර්ථ ගිහි ගෙය අතැර යයි. යශෝධරා පුතු රාහුල සමඟින් තනිවේ.
ෆාහියන් නමැති චීන දේශාටකයා ක්‍රි. ව. 05 වන සියවසෙහි ඉන්දියාවට එන විට බෞද්ධ ශාසන ඉතිහාසයෙහි ස්ත්‍රියක් වෙනුවෙන් ඉදිකරන්නට යෙදුන ප්‍රථම ස්තූපය වූ ”බුද්ධ මාතා ස්තූපය” වන්දනාමාන කළ බව ඔහුගේ දේශාටන වාර්තාවල සඳහන්ව ඇත. ෆාහියන්ට මෙම බුද්ධ මාතාව කවුරුන්ද කියා දැනගැනීමේ කුතුහලයක් උපදී. බුද්ධ මාතා ස්තූපය ආශ්‍රිත ආරාමයෙහි වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ එම දේශාටකයාට බුද්ධ මාතාවගේ කතාන්දරය කියා දෙති. මෙයින් කියැවෙන්නේ එම කතාවයි.
හෙළ සාහිත්‍ය කලාවේ බොහෝ ඉසව් අතිසාර්ථකව ස්පර්ශ කරමින් ජයගත් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 26 වන සිනමා නිර්මාණයයි “ගෞතම බුද්ධ මාතා” සිනමා කෘතිය. සාහිත්‍ය, ශාස්ත්‍රීය, ගාන්ධර්ව නිර්මාණ, සංස්කරණ හා පරිවර්තන කෘති විශාල ප්‍රමාණයක් පාඨක ප්‍රජාව හමුවට ගෙන ආ ඔහු , සිංහල සිනමා ප්‍රේක්ෂකයා වෙනුවෙන්, අනුපමා (1978), සරුංගලේ (1979), පොඩි මල්ලි (1979), සිරිබෝ අයියා (1980), කිඳුරු කුමාරි (1980), කෝලං කාරයෝ (1981 – තිස්ස නාගොඩවිතාන සමඟින්), බඹා කෙටූ හැටි (1981), සතර පෙර නිමිති (1981), වජිරා (1981), බඹර ගීතය (1982), ජීවිතයෙන් ජීවිතයක් (1982), කැලෑමල් (1982), මුහුදු ලිහිණි (1983), මිහිඳුම් සළු (1985), ක්‍රිස්තු චරිතය (1990), අහස් මාළිගා (1994), සුදු සෙවණැලි (2002), උප්පලවන්නා (2007) , කුස පබාවතී (2012), පත්තිනි (2016) , අලි කතාව (2017), යශෝධරා (2018) සහ විජයබා කොල්ලය (2019), ක්ෂීර සාගරය කැලඹිණ (2023), “කදිර දිව්‍ය රාජ” (2023) යන සිනමා නිර්මාණ ඉදිරිපත් කර ඇත.
රංගන දායකත්වය
දිල්හානි ඒකනායක (බුද්ධ මාතා ආශ්‍රමයේ නායක භික්ෂුණිය), පාල්ගුධෑ ඛන්නා (ප්‍රජාපතී), අදිති සිං (මහාමායා), තුෂාර් චිබ්බර් (සිද්ධාර්ථ), හිමංශි ජෛන් (යශෝධරා), අනුරාධ මල්ලවආරච්චි (සුද්ධෝදන), සම්පත් ජයවීර (සුප්‍රබුද්ධ රජු), ඉදුවර සූරියබණ්ඩාර (නන්ද කුමාරයා), නෙතු ගම්ලත් (නන්දා කුමරිය), නිලූෂි පවන්‍යා (ජනපද කල්‍යාණි), චානුක ප්‍රබුද්ධ (දේවදත්ත), නිරෝෂන් විජේසිංහ (අංජන), ජයනි වීරසිංහ (සුලක්ඛණා), කිම් ඩක් ජෝ (ෆාහියන්), ධනංජය සිරිවර්ධන (ආනන්ද හිමි), ගෙවින් අභිෂේක (කොණ්ඩඤ්ඤ), ප්‍රියංකර සමරවීර (ජෛන භික්ෂුණිය), උදයන්ති කුලතුංග (කුමාර කාශ්‍යප මාතාව), සූර්යා දයාරුවන් (ඡන්න) සරලා මිෂෙල් දිල්හාරා (ගැමි ළද) හිරාන් යට්ටෝවිට (වනගත ශ්‍රමණ), කේ.ඒ. මිල්ටන් පෙරේරා (ගිලන් වූ චණ්ඩාල පුරුෂයා), භාරතීය රංගන/ශිල්පි ශිල්පිනි
කාර්මික දායකත්වය
තිර රචනය, සංවාද රචනය, ගේය කාව්‍ය රචනය සහ අධ්‍යක්ෂණය – සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
නිෂ්පාදනය – තිලංග සුමතිපාල
ඉදිරිපත් කිරීම – සුමති යුනිවර්සල් පුද්ගලික සමාගම / සුමති චිත්‍රපට
රේඛීය නිෂ්පාදනය – අනූෂා ධර්මදාස
කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය
සහය අධ්‍යක්ෂණය – විමල් දේශප්‍රිය
සහය අධ්‍යක්ෂණය 2 – සමිත් බෝධිපක්ෂ / වත්සලා සමරකෝන්
සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර
නාද සැලසුම්කරණය – සසික රුවන් මාරසිංහ
වර්ණ සංයෝජනය – අසංක වික්‍රමසිරි
දෘශ්‍ය ප්‍රයෝග අධ්‍යක්ෂණය – සමින්ද වතවන විතානගේ / බුද්ධික විජේරත්න
අංගරචනා විලාස – ප්‍රියන්ත දිසානායක
කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම
වස්ත්‍රාභරණ නිර්මාණ – රමේෂා ඔෂිනි
කේශ රචනා විලාස – හරූන් ෂයිඩීන්
නිෂ්පාදන කළමනාකරණය – නිමල් විජේසිරි සේනාධිර
නිශ්චල ඡායාරූප – ධම්මික පතිරත්න
සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ
ගීත ගායනය – කාංචනා අනුරාධි, ආදිත්‍යා වැලිවත්ත, අංජලී හේරත්,තනුර මධුගීත්, සංචලී රත්නායක
නර්තන අධ්‍යක්ෂණය – චන්දන වික්‍රමසිංහ
ශිල්ප මෙහෙයුම – සුමුදු අමල්ක
සංගීත වින්‍යාසය – සුගත් හෙට්ටිආරච්චි
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු