සජීව සංකල්ප අධ්‍යක්ෂණය කරනු ලබන දෙවැනි සිනමා පටයේ “අහසින් එහා” මුහුරත් උළෙල සමඟ රූපගත කිරීම් පසුගිය දා බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලාවේදී කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ශ්‍යාම් ප්‍රනාන්දු, රෙබෙකා දිල්රුක්ෂි, කේශාල් යෝශව, සුහන්දි උපේත්මා, කුසල් මදුරංග, රොජර් සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, ජගත් චමිල, ලක්ෂ්මන් අමරසේකර, ප්‍රියංකා ප්‍රියදර්ශනී, බර්ටි නිහාල් සුසිරිපාල, ශිරෝමිකා ප්‍රනාන්දු, චමිල ඒකනායක සමඟින් ළමා ශිල්පීනී රැසක් චරිත නිරූපණය කරති. අධ්‍යක්ෂණය, සංස්කරණය, වර්ණ සංයෝජනය, සංගීතය, දෙබස්, ශබ්ද හා දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය සජීව සංකල්ප, නිෂ්පාදනය චමිල ඒකනායක, ප්‍රනාම් වින්ද්‍යා ඒකනායක සහ සජීව සංකල්ප, සහය අධ්‍යක්ෂණය තරිඳු ඉලංගකෝන්, කලා අධ්යක්ෂණයයෙන් සහ ඇඳුම් නිර්මාණයෙන් දිනේශ් රාජපක්ෂ, අංග රචනයෙන් තාරක අධිකාරි. නර්තන අධ්‍යක්ෂණය දිල්ශාරා උශානි අධිකාරි සහ නිමන්ති අධිකාරි, විධායක නිෂ්පාදනයෙන් ලක්ෂ්මන් ගමගේ එක්වෙති.
153
previous post
ටෙලි මාකර්ටිං මංගල දර්ශනය
next post