කලණ ගුණසේකරගේ තිර රචනයකට අනුව රංගන ශිල්පි ප්රදීප් ධර්මදාසගේ කුලුඳුල් අධ්යක්ෂණය වන අයිස් කී්රම් චිත්රපටය මංගල දර්ශනය පසුගියදා ර්ථඍඅ සිනමා ශාලාවේදී පැවැත්විණි.
හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, රොෂාන් රණවන, අයිශාරා අතුකෝරාළ, සරත් කොතලාවල, ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, වීණා ජයකොඩි, චමිලා පීරීස්, රුක්මල් නිරෝෂ් ඇතුළු රැසක් රංගනයෙන් දායක වෙති. අයිස් ක්රීම් කෝකිලා විතානගේ සමඟින් දුමින්ද පියරත්නගේ නිෂ්පාදනයකි.
කැමරා අධ්යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂ්, සහය අධ්යක්ෂණයෙන් චාමර සේලාර, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, සංගීත අධ්යක්ෂණයෙන් කසුන් කල්හාර, ගීත රචනයෙන් මංජුල වෙඩිවර්ධන, ගීත ගායනයෙන් කසුන් කල්හාර, කුෂාණි සඳරේඛා සහ ශේන් සිං ඇතුළු පිරිසක් එක්ව සිටිති.
සේයාරූ – ශාන් රඹුක්වැල්ල
[email protected]