ටවර් හෝල් රඟහල පදනම විසින් පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උලෙළ පසුගිය 11 වැනි දින සිට 20 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් හා ටවර් රංගශාලාවලදී වේදිකා ගත කරනු ඇත.
මෙවර නාට්‍ය උලෙළේදී පුරා දින දහයක් තුළ දිගු නාට්‍ය 14ක් කෙටි නාට්‍ය 12ක් හා ළමා නාට්‍ය 8ක් වශයෙන් නාට්‍ය 34ක් දර්ශන වාර 68ක් ප්‍රේක්ෂකයන්ට රසවිඳීමට ටවර් හෝල් පදනම කටයුතු යොදා ඇත. නාට්‍ය උළෙල පැවැත්වෙන දින දහය පුරා ටවර් කලා ශිල්පීන් විසි දෙනකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ටවර් හෝල් උපහාර සම්මානය පිරිනැමීමටත් මූල්‍යමය තිළිණයක් ප්රදානය කිරීමටත් ටවර් හෝල් රඟහල පදනම කටයුතු යොදා ඇත.
අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය”
13 සිට 20 දක්වා වේදිකා ගතවන ටවර් හෝල් දිගු, කෙටි සහ ළමා නාට්‍යය
13 වැනිදා (අද) තරංග බණ්ඩාර නාට්‍ය නිර්මාණය දෙවඟනක් කළුවරේ
14 වැනිදා සජිනි අප්සරා නාට්‍ය නිර්මාණය වන හයිනා Town.
15වැනිදා ඩිලූසා ජයවීර, කවිෂ්ක ලෝචන නාට්‍ය නිර්මාණයරස්තාප් පෙර නිමිත්තක්.
16වැනිදා අසංක සායක්කාර නාට්‍ය නිර්මාණ කොටු (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
17වැනිදා උචිත ප්‍රනාන්දු නාට්‍ය නිර්මාණය ජෙහානා නාඩගම.
18වැනිදා දේවංගනී දිසානායක නාට්‍ය නිර්මාණය *වින්ඩි, ඩිමාන්ඩ්
*ලහිරු සඳරුවන් නාට්‍යයේ නිර්මාණය.අත්තකිලමතානු.
ධනුක මාලින්ද නාට්‍ය නිර්මාණ මේ ගමන යන්නම ඕනද?
19වැනිදා කෙටි නාට්‍ය නිර්මාණය
එරික් මදුරංග නාට්‍යයේ නිර්මාණයජාතික වීරයෙක්
*සකුන්තලා රණේය පුර නාට්‍ය නිර්මාණය.Twerty ලැක්
*සුමුදු නෙත්ති ආරච්චිගේ කාසියට ගහක්
*සුරංජිත් සමීර, නවෝදනී සෙනවිරත්න නාට්‍ය නිර්මාණය එළිසාගේ නගරය.
20වැනි දින වේදිකාගත වන්නේ ළමා නාට්‍යයයි.
*රුවන් හෙට්ටිආරච්චි නාට්‍යයේ නිර්මාණය .බෙදාගෙන කමුද.
*වාද්දුව මධ්‍යමහා විද්‍යාලයේ තුෂංකා ප්‍රියභාෂණ නාට්‍ය නිර්මාණය අසිපත් හරඹ
*සොඳුරු ලොකු පොතාන ගම නාට්‍ය නිර්මාණය සම්මානේ නාට්‍යය පව.3.30 සහ ප.ව.6.30ට වේදිකාගත කෙරේ
එල්ෆින්ස්ටන් රඟහලේදී 13 සිට 20 දක්වා වේදිකා ගතවන නාට්‍යය
13 අමාලි දීපිකා නාට්‍ය නිර්මාණය කවුරුත් එන්නෑ
14වැනිදා රාජිත දිසානායක නාට්‍ය නිර්මාණය නැතුව බැරි මිනිහෙක්
15 වැනිදා බුද්ධික දමයන්ත නාට්‍ය නිර්මාණය මට සිහීනයක් ඇත
16වැනිදා නීතිඥ ඩග්ලස් සිරිවර්ධන නාට්‍ය නිර්මාණය සුභ සැන්දෑවක්
17 වැනිදා පැතුම් පමුදිත, තරිඳු රංගජිත් අබේසූරිය නාට්‍ය නිර්මාණය සහරා නේරංජනා
18 වැනිදා අරුණ ප්‍රියන්ත නාට්‍ය නිර්මාණය මහ රජු වෙන ආදරයෙනි
*හිමායා ජයසිංහ, ඩිල්ෂාන් තිලංක, පවන් මදුශංක නාට්‍ය නිර්මාණය හනමිටිකාරයෝ
*සුරාජ් හේවගේ නාට්‍යය නිර්මාණය Two Kingdom
19 වැනිදා විජිත හෙට්ටිගේ නාට්‍ය නිර්මාණය පිස්තෝලේ උන්ඩ නෑ
*යසිත සඳරුවන්, දිනූෂ ප්‍රතිභා ගලබඩ නාට්‍යය නිර්මාණය මිලිටරි ඩිලිවරි
*දුෂ්සන්ත ගුණතිලක නාට්‍ය නිර්මාණය හැපි බර්ත් ඩෙ
20 වැනිදා සමන් පුෂ්පකුමාර, යසස් අමරසර නාට්‍යය නිර්මාණය මකර බිත්තරේ
*තුෂාර ජාගොඩ නාට්‍ය නිර්මාණය පුංචි පැලේ සුරංගනාව
*උපාලි ටෙනිෂන් නාට්‍ය නිර්මාණය සතුට රජවෙලා
යන නාට්‍ය වේදිකාගත කෙරෙනු ඇත.