Home » අඳුර විනිවිද ජීවිතය සොයන ”පශ්චිම යාමය”

අඳුර විනිවිද ජීවිතය සොයන ”පශ්චිම යාමය”

by Thanushika
November 7, 2024 12:07 pm 0 comment

විවිධ සමාජ තලයන්හි සිරවී සිටින මිනිසුන් ඔවුන් ඔවුන්ගේ කුටුම්භය තුළ ජීවන අරගලය වෙනුවෙන් කෙරෙන ක්‍රියාදාමයන්හිදී සුදු කළු චරිත අතර බෙදී යන විෂමතාවය සම්ප්‍රේෂණය කරමින් දරිද්‍රතාවය හමුවේ තම ජීවන අරගලය දිනන්නට වෙරදරන දිරිය ගැහැනියක් දුර්වලයෙකු යැයි සිතා තම වසඟයකට ගැනීමට බලය හොබවන පුරුෂාධිපත්‍යයක් හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිමින් දාරක සෙනෙහස මෙන්ම ස්වාමි භක්තිය ද තම ජීවිතය කොටගත් ගැහැනියක වූ යසෝමැණිකේ සිය ස්වාමිපුරුෂයා වූ සිරිතුංග හා ඔවුන්ගේ එකම දියණිය සමන්මල්වලින් සමඟින් දුම්බර මිටියාවතෙහි පිහිටි මහල කොටුව නම් සුන්දර ගම්පියස තුළ දිවි ගෙවන්නීය ඔවුන්ගේ එකම අරමුණ තම දියණියගේ අධ්‍යාපනයයි යසෝ මැණිකා කළුගල් තලන අතර සිරිදාස ගොවිතැන් කටයුතු මෙන්ම කුලී වැඩවල නියැළී සිටියි. ඒ ගමේ වෙල්විදානේ උන්ට ඇති එකම පිලිලයයි. ඇයට බැල්ම හෙළන ඔහුගේ බහට අවනත නොවූ තැන ඔවුන්ගෙන් පළිගැනීමට ඔහු නොයෙකුත් උපක්‍රම යොදයි. ඒ අතරතුර නගරයේ සිට ගමට පැමිණෙන සුරේන්ද්‍ර, ඔහුගේ බිරිඳ රොෂෙල් සහ දරු දෙදෙනාත්, ගමේ වෙසෙන සූකිරි, උක්කුවා,සියාතු මෙන්ම ගමේ පාසැලට අළුත පත්ව එන ගුරුතුමිය වටා ගෙතුණු කතාවයි ”පශ්චිම යාමය”. තාඩන පීඩන මැද දිවිගෙවන සිරිදාසලගේ ඉරණම කෙලෙස විසඳේද? සමන්මලී අධ්‍යාපනයෙන් ජය ගනීද? වෙල්විදානේගේ අරමුණු ඉටුවේද යනු දැන ගැනීමට ප්‍රේක්ෂකයාට මදක් ඉවසීමට සිදුවනු ඇත.

සිංහල සිනමාව පෝෂණය කිරීම උදෙසා වූ මෙහෙවරට තවත් එක් යථාර්ථවාදී සිනමා වෘත්තාන්තයක් ලෙසින් “පශ්චිම යාමය” සිනමා නිර්මාණය කුලුඳුලේ රැගෙන එන සමන්ත විජේකෝන්, මෙහි තිර පිටපත් රචකයා මෙන්ම දෙබස් හා ගේය පද රචකයාද වෙයි. මාතලේ ලෙනදොර ගම්පියසෙන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වන ඔහු, පාසල් අවධියේ සිටම කලාව හා සමීප සම්බන්ධතා පැවැත්වූවෙකි. නැටුම් අධ්‍යක්ෂවරයකු, ටෙලි නාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පියෙකු හා ග්‍රන්ථ කතුවරයකු වන සමන්ත විජේකෝන් “උරුමයක අරගලය”, “කලියුග කාලේ” ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකත් “ගුත්තිල” සිනමා පටය සඳහාත් සිය රංගන දායකත්වය දක්වා ඇත. දීර්ඝ කාලයක සිට දුටු සිහිනයක ප්‍රතිඵලයක් ලෙසින්, අඳුරු කල අවසන්ව එළිවන්නට මත්තෙන් යන අරුත් සහිතව “පශ්චිම යාමය” ඔහු විසින් නිර්මාණය කර ඇත.

රංගන දායකත්වය

දිල්හානි ඒකනායක, බිමල් ජයකොඩි, පාලිත සිල්වා, දමිත්‍රි සුභසිංහ, මලින්ද පෙරේරා, ඉන්දික මධුරගේ, මිලින්ද මඩුගල්ල, රාධිකා ගුණවර්ධන, එකිශා පතිරාජ (ළමා හඳුන්වාදීම), ළහිරු අධිකාරි, තුෂාරි කෝරළගේ, කැලුම් රාජාබරණ

කාර්මික දායකත්වය

තිර රචනය, දෙබස්, ගී පද රචනය සහ අධ්‍යක්ෂණය – සමන්ත විජේකෝන්

නිෂ්පාදනය – බන්දුල රණසිංහ

සහය අධ්‍යක්ෂණය – කිත්සර චමත් ගුණසේකර

කැමරා අධ්‍යක්ෂණය – චානක සේනාධීර

කැමරා සහය – තරංග විමලචන්ද්‍ර

සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග – ඩිලාන් විජය වික්‍රමකීර්ති

ශබ්ද පරිපාලනය හා හඬ පතිගත කිරීම – පේෂල රවිදු

වර්ණ සංයෝජනය සහ ග්‍රැෆික් නිර්මාණය – ගිහාන් සංජය

අංග රචනය, කලා අධ්‍යක්ෂණය හා ඇඳුම් නිර්මාණය – ප්‍රියාන් අරුණ ශ්‍රී,

සහය අංග රචනය – තාරක ධනංජය

සහය කලා අධ්‍යක්ෂණය – චානක ලහිරු, සාගර වහලකොටුව, සංජු මිහිරංග කොණ්ඩා සැකසුම – නදීෂා මධුමානි

සංගීත අධ්‍යක්ෂණය – සුසන්ත බණ්ඩාර

ගීත ගායනය – කලාරා ආවිනි

නිෂ්පාදන කළමනාකරණය – මල්කාන්ත බස්නායක

ඝනකාධිකාරි – දුලානි තෙන්නකෝන්

ඩ්‍රෝන කැමරා ශිල්පී – මහේෂ්

ප්‍රධාන ආලෝකකරණ ශිල්පී – සාලිය බණ්ඩාර

ආලෝකකරණ සහාය – ඩබ්ලිව්.ඒ.සිසිල ජයන්ත

ට්‍රැක්ඩොලි ක්‍රියාකරු – මිතිල කුමාර

නිශ්චල ඡායාරූප – චතුරංග සංදීප

උපසිරැසි සහ නාමාවලි සැකසුම – ඔෂාන් ඉඳුවර

 

[email protected]

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT