පසුගිය අන්තර්ජාතික හෙද දිනයට සමගාමීව ද සොයිසා කාන්තා රෝහලේ පැවැති රසවින්දනාත්මක සැමරුම් ප්‍රසංග උලෙළ රෝහල් අධ්යක්ෂ ප්රමුඛ කලා ක්ෂේත්රයේ විවිධ අංශ නියෝජනයෙන් ප්‍රකට ගීත රචක නිලාර්. එන්. කාසිම්, ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, භාග්‍යා අබේසිංහ, ශාන්ති දිසානායක, චමිලා නුශාන්ති එඩ්වඩ් සහ සියලුම කාර්යමණ්ඩල සහභාගිත්වයෙන් පැවැත්විණි.
විවිධ ගීත ගායනා හා රසවින්දනාත්මක වැඩසටහන් මෙන්ම සාහිත්‍ය හා හෙදිය යනුවෙන් මුලසුනේ දෙසුම මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් සිදු කරන ලද අතර, රෝගී සේවා සත්කාර වලින් අදාළ නිර්ණායකවලට අනුව හොඳම ඒකකය, වසර 30 ට වැඩි සේවා කාලයක යෙදී සිටින ජ්‍යේෂ්ඨ හෙද නිලධාරිනීන් ඇගයීම, උසස් ම අධ්‍යාපන සුදුසුකම් වාර්තා කරන ලද හෙදියන් ඇගයීම, හෙදකමට පරිබාහිර කලා ක්ෂේත්රය හා විවිධ අංශයන් ක්‍රියාකාරකම් දැක්වූ හෙදියන් ඇගයීම, අවම නිවාඩු ප්‍රමාණයක් ලැබ සේවයට වාර්තා කළ හෙද නිලධරිනීන් ඇගයීම මෙම ප්රසංගයේදී සිදු කෙරිණි.