Home » අන්තර්ජාතික නර්තන උලෙළ අද සිට ඇරැඹේ

අන්තර්ජාතික නර්තන උලෙළ අද සිට ඇරැඹේ

by Thanushika
May 1, 2025 12:30 am 0 comment

CIDFA යනු ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් අන්තර්ජාතික වේදිකාවට නංවාලීමේ අරමුණින් ආරම්භ කරන ලද ලක්ෂ්මන් මංචනායක නර්තන ඇකඩමියට පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින දක්ෂ නර්තන ශිල්පීන්ට විදේශයන්හි සම්මන්ත්‍රණ, උත්සව සහ විවිධ වැඩසටහන් සඳහා සහභාගී වෙමින් අන්තර්ජාතික තලයට පිවිසීමට අවස්ථාව සලසා දි ඇත.

CIDFA විසින් පළමු හා දෙවැනි කොළඹ අන්තර්ජාතික නර්තන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී 2500ක හා 3500 ක නර්තන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. තුන්වන කොළඹ අන්තර්ජාතික නර්තන උලෙළ 4500ක නර්තන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ද (BMICH) හතරවැනි කොළඹ අන්තර්ජාතික කොළඹ නර්තන උළෙල 6500ක නර්තන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙදී පැවැත්වී ය.

මෙවර කොළඹ අන්තර්ජාතික නර්තන උලෙළ පස්වැනිවරටත් පවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. දේශීය හා විදේශීය නර්තන ශිල්පීන් 5000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි 01වැනිදා සහ02 වැනි දා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී මැයි 03 වැනි දා නුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී (NICD Auditorium) දි ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙවර පස්වැනි අන්තර්ජාතික කොළඹ නර්තන උළෙලට සමගාමී මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්, පළාත් හා සමස්ත ලංකා නර්තන තරගාවලියක්ද පැවැත්වෙන අතර දැනටමත් විශාල තරඟකරුවන් සංඛ්‍යාවක් අයදුම් කර ඇත. ඒ සදහා දේශීය නර්තන කලාව අභිවෘද්ධිය වෙනුවෙන් මෙතෙක් අයදුම් නොකළ සියලු දෙනාට අවස්ථාව හිමිවෙයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT