ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ප්‍රදීපා ධර්මදාසට පසුගිය දින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාතික කාන්තා දින සැමරුම් උළෙලේදී. විවිධ ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ හා සමාජ පිළිගැනීමට ලක් වූ කාන්තාවන් උදෙසා වූ සම්මානය හිමි විය.
අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි. මෙම උළෙලේදී ප්‍රදීපා ධර්මදාස සහ උමාරියා සිංහවංශ, යොහානි ද සිල්වා, සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන්ද, සම්මානනීය රංගන ශිල්පී අනෝජා වීරසිංහ, මිෂෙල් දිල්හාරා, රංගන ක්ෂේත්‍රය වෙනුවෙන් ද උපුලී පණිභාරත නර්තන ක්ෂේත්‍රය වෙනුවෙන්ද සම්මානයට පාත්‍ර වූහ.