ශ්‍රී ලාංකේය වෙිදිකාව සිනමාව හා පුංචිතිරය හැඩ කළ විප්ලවීය රංගන පෞරුෂයක් දිවි රගමඬල හැර ගියේය. තවත් දශක ගණනාවක් සිය රංගන ප්‍රතිභාවෙන් අප ප්‍රේක්ෂකයන් වෙත බෝහෝ නිර්මාණ ගෙන ඒමට තරම් වයසක් ඔහුට තිබුණත් පිළිකා මාරයාගේ වෙිගවත් බවට ඉඩ දීම හැර වෙන යම් කිසිවක් ඔහුට කළ නොහැකි විණි. නලීන් ප්‍රදීප් උඩවෙල ප්‍රවීණ රංගධරයෙකු, රාජ්‍ය නිලධාරියෙකු පමණක් නොව දේශපාලනඥයකු ලෙස ද ජනාදරයට පත් වූ අයෙකි.
නලියා යන සහෝදර නාමයෙන් අප ඔහු සමඟ කුලුපග වෙද්දී බොහෝ දෙනාට නලීන් අයියා ලෙස ක්ෂේත්‍රයේ ඔහු සමීප සහෘදයකු විය. නලීන් සැම විටෙකම කා සමඟත් ඉතා සුහදශීලී කලාකරුවෙකු ලෙස ප්‍රකටය. ඔහු සමග වැඩ කිරීම පහසු ය. සරල ජීවන රටාවක් හා සුහද මිතුරුකමක් පැවතීම ඔහුගේ ජීවිතයේ සුලබ දසුන විය.
උඩවෙල ලේකුම්ලාගේ නලින් ප්‍රදීප් උඩවෙල නමින් ඔහු උපත ලබන්නේ1969 මාර්තු 20දා ය. ඒ මාතලේ ප්‍රදේශයේ දී. නලින් උඩවෙල ශ්‍රී ලාංකික සිනමාවේ, වේදිකා නාට්‍යයේ සහ රූපවාහිනියේ නළුවෙකු ලෙස මෙරට ජනතාවට ළබැඳී චරිතයක් විය. බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස ද කලක් ඔහු සේවය කළ හෙයින් ජීවිතයේ විවිධ අභියෝග වලට මුහුණ දුන් අත්දෑකීම් සමුදායක් ඔහු වටා ගෙතුණු බව ද පෙනේ.
වර්ෂ 1993 දී ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත් රජයේ චිත්‍රපට අංශයේ පුහුණූවන සිනමා සංස්කරණ ශිල්පියෙකු ලෙස එක් වීම සිය ජීවිතයේ සංධිස්ථානයක් විය. ඒ ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණුවට අදාළ අනුයුක්ත කිරීමකිනි. 1998 දී සේවය ස්ථිර වූ ඔහු රජයේ චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපට සංස්කරණයට දායක වූයේ එලසිනි. මේ ලියන මා ද ඔහුත් සමඟ ඒ රාජකාරී බැඳීමෙන් එකට කටයුතු කළ අයෙක් වීම දෛවයේ සිහිවටනයකි. අදටත් ඔහු එම ආයතනයේ ම අපත් සමඟ සේවය කරමින් සිටියේ තව වසර කිහිපයකින් විශ්‍රාම ගැනීමට ද නියමිතව තිබියදීය. 1999 රාජ්‍ය නාට්‍ය උලේලේ දී කේ. බී හේරත්ගේ දෙවන මහින්ද නාට්‍යයේ රගපෑම වෙනුවෙන් හොදම නළුවා සමිමානයෙන් පුද ලැබීම නලීන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.
ජූරිය, දෙවන මහින්ද, කැලණි පාලම, මැන්ඩෙලා මැන්ඩෙලා, මේඝ, මී හරක්, නව හුණුවටයේ කථාව, සුද්දෙක් ඔබ අමතකයි වැනි වේදිකා නාට්‍ය ඒ රංග ප්‍රතිභාව මනාව පසක් කළ වේදිකා නාට්‍ය විය.
නලින් ඔහුගේ සිනමා ආගමනයසිදු කළේ 1998 දී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද ජුලියට්ගේ භූමිකාව තුළිනි.ඔහුගේ වඩාත් ජනප්‍රිය සිනමා රංගනයන් තාරකා මල්, පරාවර්තන සහ අසයි මං පියාඹන්න චිත්‍රපට හරහා සිදු වු බව බොහෝ ප්‍රේක්ෂකයන්ට අදටත් මතකය.රාජ්‍යසේවය පිණියයි – අස්වැසුම- වලාපටල – මුතු සළඹ මධූර චාරිකා – සංගිලි – ආකර්ෂා- අංගාරා – මාගම්සෝලි වැනි සිනමාකෘති ඒ රංග ප්‍රතිභාව දිග හැරි චිත්‍රපට බව කිව යුතුය.
නලින් රගපෑමේ විශිෂ්ටයෙකි. එසේම ඔහු ඒවායේ චරිත තෝරා බේරා ගත්තේ ද ඉති සැලකිල්ලෙනි. පුංචි තිරය හැඩ කළ ටෙලි නාට්‍ය අතර එකීචරිත හෘදයාංගම ව අප සිත් තුළ කිදා බැස්සේය. අකුරු මැකී නෑ – අපර්ණා – බාලොලි -බට්ටී – දිය ගිණි සිළු – ඇහි පිල්ලමක් යට – ඇත් කඳ ළිහිණි – ගං දෑල නිසලයි – ඉර අවර – ඉසුරු පවර – කසීසළු – කිඳුරු අඩවිය – කෝලම් කුට්ටම – මහතලා හටන අපට මතක නලීන් ගේ රංගන විහිදුම කවරේ ද යන්න කියා පෑවේය. – මකුළු දැල් – මිල්ලෑව වලව්ව – මිණී ගංදෑල – මොණරවිල – නිසලවිල – නොනිමි යාත්‍රා – පිණි වැස්ස – ප්‍රකම්පන -රිදී ඉට්ටංකරය යනාදිය ද ඒ ටෙලි නිර්මාණ අතර ඔහුගේ ප්‍රෙක්ෂකාදරය පසක් කරවන ඒවා විය. සමනල සිහිනය – සද දෙව් දියණී – සඳ හිරු තරු -සිහින දෙව්දුව – සිරි දෙව් භවන – සුදු හාමිනේ – සුවද පද්ම වසන්තය ඇවිල්ලා වැනි රූපවාහිනී ටෙලි නාට්‍ය හතළිහකට වැඩි සංඛ්‍යාවක් නලීන්ගේ රංගන හැඩතලවලින් රස ගැන්වූ බව නොරහසකි. ඒ අනුව අවසන් වරට ඔහු රගපෑ නාට්‍ය වූයේ ආදරණීය මියුසික් ටෙලි සිත්තම යි.
1999 දී නිසල විල 2007දී තාරකා මල් ආසයි මං පියාඹන්න වැනි නිර්මාණ සඳහා කුසලතා සම්මාන දිනා ගැනීම ද ඔහුගේ රංගන චාරිකාවේ මතක නවාතැන් විය
නලීන්ගේ ජීවිතයේ අනෙක් ප්‍රභල දිශානතිය වූයේ දේශපාලන හැරවුම යි.2014 දී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පළාත් සභා මැතිවරණයට තරඟ කර බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. පසුව විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය අංශයට අනුයුක්තව ද සිය රාජකාරී කටයුතු ඉටු කරලීය.
රටට අවැසි සරල සොදුරු නිර්මාණකරුවකුගේ ජීවිතය මෙලෙසින් කෙටීවුයේ ඔහුට වැළඳී පිළිකා තත්වයක් හේතුවෙනි. ඉතා කෙටි කලෙකකින් එම රෝගය හඳුනා ගත්තද එහි ව්‍යාප්තියේ තිව්‍රකම හේතුවෙන් අවසානයේ ඔහුගේ ජීවිතය නිමා විය. ආදරණිය බිරිඳ වූ දිල්හානි උඩවෙල හා පුතුන් දෙදෙනා සමඟ ඔහුගේ වියෝවෙන් අද මුළු රසික සහෘදයෝ සෝ සුසුම් හෙළති. නලීන් උඩවෙළගේ අවසන් කටයුතු පසුගියදා සවස මත්තේගොඩ ආදාහනාගාරයේ දී සිදු කෙරිණ.
නිශාන්ත චාමින්ද පීරිස්