ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුරගේ තිර රචනයට නිමැවෙන The Old Man සිනමා පටයේ මුහුරත් උලෙළ පසුගිය දින ජයවර්ධනපුර මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.
සිලෝන් ග්‍රීන් වයිබ් ක්‍රියේෂන් පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ විසින් නිෂ්පාදනය කරනු ලබන අතර සිතාර එන්. කාරියවසම්ගේ අධ්‍යක්ෂණයකි.
දිල්හානි එකනායක, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්. කුමාර තිරිමාදුර, වසන්ති චතුරාණි, ගිරිරාජ් කෞශල්‍ය, චින්තක කුලතුංග, හේමන්ත ඊරියගම, දිමුතු චින්තක, කෝරලගේ සමන්, දුමින්ද ශ්‍රීකාන්ත, රොෂානා ඔණ්ඩච්චි, ජයනි වීරසිංහ රංගනයෙන් එක් වෙති.
තිර රචනය කුමාර තිරිමාදුර, කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, සහය අධ්‍යක්ෂණය රන්ජන් ප්‍රසන්න, රේඛීය නිෂ්පාදනය ශශ්රික වීරක්කොඩි, සංගීතය ගයාත්‍රී කේමදාස, වේශ නිරූපණය ප්‍රේමලාල් ලියනගේ,ඉකලා අධ්‍යක්ෂණය තිරාන් චින්තක, ඇඳුම් නිර්මාණය දිල්මි නානායක්කාර, මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්ත ගෙනි.