Home » The Noir Queen කුවේණී දිවි යකින්න හෙට නෙළුම් පොකුණේදී

The Noir Queen කුවේණී දිවි යකින්න හෙට නෙළුම් පොකුණේදී

by Thanushika
January 2, 2025 9:55 am 0 comment

.ප්‍රවීණ නර්තනාචාර්‍ය චන්දන වික්‍රමසිංහයන්ගේ නවතම මුද්‍රා නාට්‍ය නිර්මාණය The Noir Queen කුවේණී දිවි යකින්න ජනවාරි 3 දා සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණේදී වේදිකා ගතවේ.

මේ සඳහා දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවැත්විණි.

මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා නර්තනාචාර්‍ය චන්දන වික්‍රමසිංහ, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය රවිබන්දු විද්‍යාපති, සම්මානනීය රංගන ශිල්පිනී නිරංජනී ශන්මුගරාජා, සංගීත අධ්‍යක්ෂක පේශල මනෝජ් සහ නර්තනාචාර්‍ය රංජිත් ප්‍රියංග සහභාගී වූහ.

මෙම මුද්‍රා නාට්‍යයේ අන්තර්ගතය වන්නේ විජය රජු කුවේණිය සහ දරු දෙදෙනාට ද්‍රෝහිවීම නිසා ඈ තුළ ඇතිවූ වියෝගය, වේදනාව සහ අතිශය කෝපය හේතුවෙන් විජය සහ ඔහුගේ පරපුරට කළ ශාපයයි.

මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය රවිබන්දු විද්‍යාපති, නිරංජනී ශන්මුගරාජා, රංජිත් ප්‍රියංග, සාරංග විමුක්ති, නරේන්ද්‍ර චතුරංග, රසිදු ලක්ෂාන්, දෙවංගී වික්‍රමසිංහ, කෞෂල්‍යා මධුවන්ති, දුමින්ද දර්ශන, ලක්ෂිත නිලන්ත සහ සපුන් ලක්තරුෂ නර්තනයෙන් දායක වෙති.

කුවේණී දිවි යකින්න මුද්‍රා නාට්‍යයේ ගී පද බණ්ඩාර ඇහැළියගොඩ සහ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසිනි. අමන්දා උත්පලී, තනුර මධුගීත්, මහේෂා සඳමාලි ගායනයෙන් දායක වෙති. කථක් නර්තන අධ්‍යක්ෂණය සාදර සුපැතුම් වන අතර පේශල මනෝජ් විසින් සංගීත අධ්‍යක්ෂණය සිදුකරනු ලබයි.

රංග වස්ත්‍රාභරණ නිර්මාණයෙන් නූපති නිලම්බර, කොණ්ඩා සැකසුමෙන් හරූන් ශයිඩීන් සහ වේශ නිරූපණයෙන් ප්‍රියන්ත දිසානායක දායක වෙති. ආලෝකකරණ සහ දෘශ්‍ය සිතියම්කරණය චන්දිම කරුණාතිලක විසිනි.

Top of mind නිල උත්සව කළමනාකරණය සිදුකරන අතර මංජු විජයරත්න විසින් සමාජ සහ මුද්‍රිත මාධ්‍ය නිර්මාණකරණයෙන් දායක වේ.

ශ්‍රී ලාංකීය මුද්‍රා නාට්‍ය කලාවේ නොමැකෙන සළකුණක් තබමින් The Noir Queen කුවේණී දිවි යකින්න මුද්‍රා නාට්‍යයේ පිටපත සහ නර්තන අධ්‍යක්ෂණය ප්‍රවීණ නර්තනාචාර්‍ය චන්දන වික්‍රමසිංහගෙනි.

 

 

-නයනාංජලී

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT