Home » THE LAKE එක්ස්පෙරිමන්ට් එකක්

THE LAKE එක්ස්පෙරිමන්ට් එකක්

-අධ්‍යක්ෂ ධනුෂ්ක රේමන්ඩ්

by Thanushika
October 2, 2025 12:35 am 0 comment

මේ දිනවල ජාතික රූපවාහිනියේ සති අග විකාශය වන, ලාංකේය නූතන ටෙලි නාට්‍යය කලාව වෙත වෙනස්ම හැඩයක් රැගෙන ආ ‘ද ලේක්’ වත්මන් ටෙලි ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානයක් දිනා ගනිමින් සිටින අපුරු ගණයේ ටෙලි නාට්‍යයකි. එහි අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ධනුෂ්ක රේමන්ඩ් විසිනි. ඔහු මීට පෙර ‘ද රේස්’, ‘Please share this’ ටෙලි නාට්‍යය ද්ව්ත්වය අධ්‍යක්ෂණය කර ඇති අතර ඔහු කාලාන්තරයක් පුරා වෙළඳ දැන්වීමි ක්ෂේත්‍රයේ ද නිර්මාණකරුවෙකු ලෙස ද කටයුතු කර ඇත. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වූයේ අධ්‍යක්ෂ ධනුෂ්ක රේමන්ඩ් සමඟ සිදු කළ කතාබහකටය.

ඔබ ටෙලි නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට වෙන්නේ කොහොමද?

මම කොළඹ මහානාම විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවේ. මගේ පවුලේ කිසිම කෙනෙක් චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. පාසල් කාලයේ ඉඳන්ම චිත්‍රපට හදන්න තමයි සිහිනය තිබුණේ. චිත්‍රපට බලලම තමයි ඒ ආසාව ඇති වුණේ. උසස් පෙළ ඉවර වෙනකොට මම මියුසික් වීඩියෝස් එහෙම නිර්මාණය කළා. ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නම ඕන කියන හීනය පස්සෙම තමයි ආවේ. ඊටපස්සේ සිනමාව සම්බන්ධ ඩ්ප්ලෝමා එහෙම කළා. වැඩිපුරම⁣ මම අන්තර්ජාලය හරහා ෆිල්මි කියන එක ඉගෙන ගත්තා. සිනමාව ඇතුළේ ඒ කාලේ ඉඳන්ම සයිකොලජිකල් – ත්‍රිලර් කියන ශානරයට තමයි වැඩිපුරම⁣ කැමතියි.

ධනුෂ්කගේ පළවෙනි නිර්මාණය ගැනත් කතා කරමු.

ඇත්තටම මම මුලින්ම කළේ මියුසික් විඩියෝ එකක්. ඒ කළේ අපේ ස්කෝලේ දෙරණ ඩ්‍රීමි ස්ටාර් ගිය යාළුවෙක්⁣ට. එතකොට මම උසස් පෙළ කරන කාලේ. ඊටපස්සේ වෙළඳ දැන්වීමි නිර්මාණය කළා. මම මේ වෙනකොට ෆිල්ම් එකක් කරලා තියෙනවා. ‘අ වයිට් මාර්ක්’ කියලා සයිකොලජිකල් – ත්‍රීලර් ශානරයේ චිත්‍රපටයක්. ඒකත් ‘ද ලේක්’ වගේ සීරියල් කිලර් මූඩ් එකක යන ෆිල්මි එකක්. ඒක නුදුරේදීම තිරගත වීමට නියමිතයි.

ඔබේ පළවෙනි ටෙලි අධ්‍යක්ෂණය ගැනත් කියමු.

මුලින්ම මම අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍ය තමයි ‘ද රේස්’ කියන්නේ. ඒක සියත නාලිකාවේ විකාශය වුණු මෙගා ටෙලි නාට්‍යයක්. මම ආසයි ෆිල්ම් හදන්නයි, වාහන පදින්නයි. වාහන සම්බන්ධයෙන් තිබුණ මුඩ් එකත් එක්ක ‘ද රේස්’ ටෙලි නාට්‍ය හැදුණා. ඊටපස්සේ කාලයක් යනකම් ටෙලි නාට්‍යය කලාවෙන් විතැන්වෙලා ඇඩිවර්ටයිසිං ෆීල්ඩ් එකේ වැඩ කළා. ඊටපස්සේ ගිය අවුරුද්දේ ‘Please share this’  කියලා එපිසෝඩ් අටක ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා.

‘ද ලේක්’ ටෙලිනාට්‍ය නිර්මාණය කරන්න ලැබෙන්නේ කොහොමද?

මම සෑහෙන මලයාලම් චිත්‍රපටවල රසිකයෙක්. මටත් හිතුණා මලයාලම් චිත්‍රපටයක් වගේ හොඳ ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන නිෂ්පාදනයක් කරන්න. ඒ වගේ මලයාලම් වැඩක් ලංකාවේ කවුරුත් කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. සයිකොලජිකල් – ත්‍රිලර් ශානරයේ පර්යේෂණාත්මක වැඩක් කරන්න ඔින කියන එක කාලාන්තරයක් තිස්සේ ඉඳන් ඔළුවේ තිබුණා. මට හිතුණා රසික සූරවිරආරච්ච් කියන තිර පිටපත් රචකයා තමයි මගේ මේ වැඩේට ගැළපෙනම පුද්ගලයා කියලා හිතුණා. මම රසික අයියා එක්ක හම්බවෙලා කතා කළා. ඊටපස්සේ රසික අයියා තිර පිටපත ලියනවා. තිර පිටපත ලියුවට පස්සේ නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙලා වැඩේ නවතිනවා. රදැල්ලේ අම්මාගේ චරිතය කරන්න සේමිණි අක්කාව මම ඔළුවේ තියන් හිටියේ. හැබැයි සේමිණි අක්කා එක්ක මම වැඩ කරලා නැහැ. එයා මාව දන්නෙත් නෑ ධනුෂ්ක කියුවාම. ඊටපස්සේ සේමිණි අක්කාට මම කියුවා මේ වගේ ටෙලිනාට්‍යයක් කරනවා කියලා. හැබැයි මගදි නැවතුණ නිසා දවසක් සේමිණි අක්කා මට කෝල් එකක් දීලා ඇහුවා මේ ටෙලිනාට්‍යය කරන්නේ නැද්ද? කියලා. ඊටපස්සේ මට දෙන්න උත්තරයකුත් නැහැ. හැබැයි මම පස්සේ සේමිණි අක්කට කියුවා මෙහෙම පොඩ් ප්‍රශ්නයක් තියෙනවා, වැඩේ අතඇරලා දැම්මා කියලා. සේමිණි අක්කා කියුවා මම මේකේ රඟපාන්න ආසයි. අපි මේ නාට්‍යය කරමු කියලා.

රසික සූරවිරආරච්ච් ලියු තිර පිටපතේ කතාව කොහොමද? ඔයා රූපයට ගන්නේ කියන ක්‍රියාවෙදී කරපු දේවල් මොනවද?

මට රසික අයියගේ තිරපිටපත කියවද්දිම රූප මැවිලා ඉවරයි. කියවද්දි මට රූප මැවෙනවා, චරිත මැවෙනවා, ඒ ලොකේෂන්ම මම හොයනවා. මම ලොකේෂන් හොයන්න හය, හත් පාරක් හපුතලේ, බණ්ඩාරවෙල, නුවරඑළිය ඇවිද්දා. ලංකාවෙි ටෙලිනාට්‍යයක් කරද්දි එහෙම කරන්න අමාරුයි ඇත්තටම. හැබැයි සේමිණි අක්කා ඒ පහසුකම මට හදලා දුන්නා. මේ කතාවේ ප්‍රධාන චරිතයක් තමයි වැව කියන්නේ. මේ වැව හම්බවෙන්නේ අහම්බයෙන්. ඒ බෙලිහුල්ඔය පැත්තේ තිබුන කුඹුරකට වතුර දෙන පොඩි වැවක් ඒක. තිර පිටපතේ තියෙන ගුප්ත බව, ගතිස්වභාවය සියල්ලම බලපාන්න මේ වැවේ පරිසරය පවා බලපානවා. වැවේ වතුරවල පාට, ගස්වල ස්වභාවය ආදී දේවල්. ඒ දේවල් එක්ක ඇත්තටම ‘ද ලේක් කියන්නේ මම කරපු එක්ස්පෙරිමන්ට් වැඩක ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්.

‘ද ලේක්’ නිර්මාණය කරද්දි ආපු අභියෝග මොනවද?

ඇත්තටම ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්න පටන් ගද්දිම අභියෝගයක්. මුලින් කියුවත් වගේ වැඩේ මුලින්ම නතර වෙනවා. කරන්න වෙන්නේ නෑ. නැවත පටන් ගන්නවා. ඒ කරද්දි ලොකේෂන් හොයනවා. මට ඔින ලොකේෂන් හම්බවෙන්නේ නෑ. ඊටපස්සේ ආයේ ආයේ යනවා. ඊටපස්සේ ලොකුම අභියෝගය තමයි නළු නිළි වරණය. විශේෂයෙන් සෞම්‍ය ලියනගේ අවුරුදු 18කින් ටෙලි නාට්‍යයක රඟපාලා තිබුණේ නැහැ. සෞම්‍ය අයියා හිටියේ ටෙලිනාට්‍යයක රඟපාන්නේ නෑ කියන තැනක. ඉතින් සෞම්‍ය අයියාව මාව දන්නේ නැහැ. මම සිනමාව ඇතුළේ ආධුනිකයෙක්.

සෞම්‍ය අයියට මම කතා කරපු ගමන් කියුවා මල්ලි මම නාට්‍යය නම් කරන්නේ නැහැනේ කියලා. අපි ෆිල්ම් එකක් කරමු කරන දවසක කියලා සෞම්‍ය අයියා කියුවා. ඊටපස්සේ මම ඇහුවා විනාඩි පහක් දෙන්න පුළුවන්ද මගේ කතාව කියන්න කියලා. ඊටපස්සේ මගේ කතාව දිගටම කියුවා. මගේ තිර පිටපතත් සෞම්‍ය අයියට යැවුවා. මගේ තිර පිටපත හතර පස් පාරක් සෞම්‍ය අයියා කියවලා මට කතා කරලා කියුවා මම ටෙලි නාට්‍යයක් කරන්නේ නැහැ කියන තැන හිටියේ හැබැයි මම මේ වැඩේට මාරම ආසයි කියුවා. ඒක අහපු වෙලාවේ මට මාරම සතුටක් ආවේ.

අනෙක් දේ තමයි ලංකාවේ නිර්මාණයක් කරන්න ගියාම නිෂ්පාදකවරයා දරණ පිරිවැය මත වටිනාකම වෙනස් වෙනවා. ලංකාවෙි ලොකු කර්මාන්තයකුත් නැහැ මේ වගේ නිෂ්පාදනයක් කරන්න. නිෂ්පාදිකා සේමිණි අක්කාගේ සහයෝගය මත මට අවශ්‍ය දර්ශනතවලට ගිහින් වැඩේ කරන්න නිදහස ලැබුණා. මේක ලාබ ලබන්නම කරපු වැඩක් නෙමෙයි. සීමිත කාල ප්‍රමාණයක් එක්ක අපි මේක රූගත කළා. පළවෙනි සීසන් එක දවස් දහයක් ෂූටි කළා. දෙවැනි සීසන් එක දවස් දහහතරක් ෂුට් කළා. උපස්ථායකගේ සිට සෞම්‍ය ලියනගේ දක්වා හරිම කැපවීමෙන් සහ සහයෝගයෙන් අපි පවුලක් වගේ එකතු වෙලා ටෙලිනාට්‍යය නිර්මාණය කළා.

ටෙලිනාට්‍යය එන චරිත සියල්ලම වගේ සංකීර්ණ මනෝභාවයන් ඇති චරිත. කොහොමද? මෙම චරිත සියල්ල නළු නිළියන් සමඟ මෙහෙයවීම සිද්ධ කළේ?

මම මනෝවිද්‍යාව වගේ විෂයන්වලට කැමතියි. මෝහන විද්‍යාව පවා මම වැඩිදුර හැදැරීම කළා. හැබැයි ඒ විෂයන් කළේ වෙන මොනවත් කරන්න නෙමෙයි මේ දේම කරන්නයි. මට ඔින මේ මුඩ් එකේ ටෙලිනාට්‍යය කරන්න. සයිකොලජිකල් – ත්‍රිලර් මට කරන්න බැහැ සිනමාව විතරක් දැනගෙන. ඇක්ෂන් – කට් කියන කෑලි ටික විතරක් මදි ඔික කරන්න. මම මෝහනය ගැන කතා කරනවා නම් මම මෝහනය ගැන ඇත්ත දැනගෙන ඉන්න ඔින. මනෝවිද්‍යාව ගැන ටෙලි නාට්‍යය ඇතුළේ කතා කරනවා නම් මනෝවිද්‍යාව ගැන ඒ ටූ ඉසෙ⁣ඩ් දැනගෙන ඉන්න ඔින. මොකද මට බොරු කරන්න බැහැ. ඩුවල් පර්සනලිට් ඩිසෝඩර් කියන මානසික රෝගය මේ ටෙලිනාට්‍යයේ එන එක මානසික තත්ත්වයක්. එතකොට ද්ව්ත්ව පෞරුෂවභාවයක් කියන එක මම දැනගෙන ඉන්න ඔින. රන්දි කියන චරිතය ඩුවල් පර්සනලිටි ඩිසෝඩර් කියන එක දන්නේ නැහැ. ඒක මම ගන්න ඔින චරිතය හරහා. ඉතින් ඔය පර්යේෂණයත් එක්කම තමා රසික අයියයි මායි මේ තිර පිටපත ලියවෙන්නේ. සමහර මානසික වෛද්‍යවරු පවා හමුවෙන්න ගියා තිර පිටපත ලියද්දි.

‘ද ලේක්’ වෙත ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ප්‍රතිචාර ඉතාම හොඳයි. සිනමාවේ, ටෙලි නාට්‍ය කලාවේ සිටින සියලුම ප්‍රවීණයන්ගෙන්, කලාකරුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඉහළයි. විචාර පවා පළ වුණා. සමහර කලාකරුවෝ කියුවා අපිවත් ගන්නකෝ මේ වැඩේට කියලා. ඉතින් ඇත්තටම මට මාරම සතුටුයි.

ඔයාගේ නිර්මාණ ජීවිතයට බලපෑ සිනමාකරුවන් කවුද?

මම සංජය ලීලා බන්සාලිගේ නිර්මාණවලට කැමතියි. හැබැයි ඒ වගේ වැඩක් කරන්න මට සෑහෙන කාලයක් යාවි ලංකාවේ තත්ත්වයත් එක්ක. සයිකොලජිකල් – ත්‍රිලර් ශානරයේ චිත්‍රපටවලට කැමතියි.

‘ද ලේක්’ සාර්ථක කරගන්න සහයෝගය දැක් වූ පිරිස ගැනත් කියමු….

මම මුලින්ම ස්තුතියිවන්ත වෙන්න ඕන සේමිණි අක්කට. මේ වගේ වැඩක් නිෂ්පාදනය කරන්න භාර ගැනීමම අභියෝගයක්. එතකොට තිර පිටපත ලියුව රසික සූරවිරආරච්ච්, කැමරාකරු චින්තක සෝමකීර්ති, සහය අධ්‍යක්ෂ, නළු නිළියන් ඇතුළුව මුළු නිෂ්පාදක කණ්ඩායමම මට දුන්න සහයෝගය ඉස්තරම්. මේ මොහොතේ සියලු දෙනාටම ස්තුතිය පුද කරන්නත් අවස්ථාවක් කරගන්නවා.

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT