හතරදෙනෙක්ගේ ‘චූන්’ එකක්

අධ්‍යක්ෂ සුපුන් රත්නායක
ජූලි 27, 2023

මතු බලාපොරොත්තු තබාගත හැකි දක්ෂ , තරුණ අධ්‍යක්ෂවරයකු වන සුපුන් රත්නායකගේ නවතම ටෙලි නිර්මාණය ‘4චූන් Residency’ ඉකුත් ජූලි 24 වැනිදා සිට රාත්‍රි 9:00ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය ඇරැඹි අතර එය ලාංකේය ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් වනු නිසැකය . එමෙන්ම මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පවා දැඩි කතාබහට ලක්වූ ‘Human Errors’ අධ්‍යක්ෂවරයාද ඔහුය. පසුගිය සමයේ සම්මානයට පාත්‍රවූ අඩෝ, තුම්පනේ, ‘‘Metro  හීන’ ආදී ටෙලි නිර්මාණ රැසකම අධ්‍යක්ෂණය ඔහුගේය. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම තිර රචකයකු ද වන සුපුන් රත්නායක සිය ‘4චූන් Residency’, ‘Human Errors’ මෙන්ම ඔහුගේ ටෙලිනාට්‍ය කලා දිවිය පිළිබඳවත් වත්මන් සිනමාව පිළිබඳවත් කතා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ සංවාදයට එක්විය.

ඉකුත්දා විකාශය ඇරැඹි මොකක්ද මේ ඔබේ නවතම චූන් එක..?

මේක ඇත්තටම 4 දෙනෙක්ගේ චූන් එකක් කිව්වොත් හරි. 4දෙනෙක් එක්ක ප්‍රේක්ෂකයා චූන් වෙන්න තියෙන්නේ. මේ ටෙලිනාට්‍යය මගේ නවතම ටෙලිනාට්‍යය. නම ‘4 චූන් Residency’. මේක ප්‍රේක්ෂකයාට නවමු අලුත් අත්දැකීමක් වේවි. 4චූන් කිව්වම මේක චූන් වීම උදෙසා කියන්නත් පුළුවන්. ඊළඟට ෆෝචූන් කිව්වාම වාසනාව කියන්නත් පුළුවන්. ඒ දෙකෙන්ම කියැවෙන්නේ 4දෙනෙක්ගේ ආතල් එකක් කියන එකයි. මේ ගැන දැනට ඒ විදිහට මම අර්ථකථනය කරන්න කැමැතියි.

කොහොමද ඔබට මේ වැඩේට අදහස ආවේ...?

මෙහෙමයි, අපට බොහොම ලස්සන, සුන්දර රාත්‍රීන් තියෙනවානේ. ඒ කියන්නේ අපි හොඳට ඩ්‍රින්ක් එක දානවා කියන එකනේ. වැස්සත් බොනවා, නොවැස්සත් බොනවා. යාළුවන්ට උපදෙස් දෙනවා. ඒ උපදෙස්ම ආයේ තව කෙනෙකුට දෙනවා. ඒ වගේ අවස්ථා රැසක්ම අපේ ජීවිතවල තිබෙනවානේ. අපේ කලාව ඇතුළේ මම Modern  දෙයක් කරන්න ඕන වුණා. අපි දකිනවා අපි කුඩා කාලයේ කලාව තුළ තිබ්බා මල් ගස් වටේ ඇවිදින ඒවා. අපි ටීවී බලන්න පුරුදු වුණු කාලයේ තරුණයන්ට කලිසමේ ෂිප් එක වහගන්නවත් පණ නැති ගතියක් දැක්කා. පෙම්වතිය පිරිමියා වගේ ඉන්නවා. පෙම්වතා ඔහේ ඔහේ ඉන්නවා වගේ දෙයක්. සමස්ත ගැහැනු, පිරිමි වෙනුවෙන් පෙනී සිටිනවා. ප්‍රේමවන්තයාට තීරණයක් ගන්න බැහැ. ටෙලිනාට්‍යයක කොටස් 150 වෙනකන් ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. 02වැනි කොටසේදී යාළුවුණා නම් 10 වැනි කොටසේදීවත් ඒක නවත්තන්න ඕනා. ඒ Mood එකට අපි කොහොමද මුහුණ දෙන්නේ. අන්න ඒ ක්‍රමය වෙනස් කරන්නයි මට ඕන වුණේ. ඒ ක්‍රමය ඒ කාලයට ආතල් වෙන්න පුළුවන්. දැන් කාලයට ඒක හරි නැහැ. ඒ කාලයේ ෆිල්ම්ස්වල පවා තාත්තා කෙල්ලට කියනවා කොල්ලා එක්ක යන්න කියලා. දැන් කාලය වෙනස් වෙලා. අපට අර Mood එකට යන්න බෑ. දැන්Love තිබෙන ක්‍රමය වෙනස්. ඒක තමයි වෙනස් විදිහකට කරන්න මට අවශ්‍ය වුණේ. කලාවේ ඒ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියන අදහසයි මේ 4චූන් Residency හරහා සිදුවුණේ.

4චූන් Residency හි රංගන ශිල්පීන් ගැන මතක් කළොත්...?

දසුන් පතිරණ, ශලනි තාරකා, සමනලී ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, සූර්යා දයාරුවන්, හිමාලි සයුරංගි, මධුර ප්‍රභාෂ්වර, උමයංගනා වික්‍රමසිංහ, ඩබ්ලිව්. ජයසිරි, ජයනි සේනානායක, රොෂාන් පිලපිටිය වගේ ප්‍රවීණ, ජනප්‍රිය පිරිසක් මෙයට එකතු වුණා. මොවුන් විශාල කැපවීමකින් වැඩේට සෙට් වුණා.

4චූන් Residency කොතෙක්දුරට සමාජය හා බද්ධවේවි කියා ඔබ සිතනවාද...?

මම මේක සමාජයත් එක්ක බද්ධ කරන්න වෙහෙසක් ගත්තේ නැහැ. අපි කරන දේවල් අපේ ජීවිත ඇතුළේ බලද්දී ඒවායේ මායා යථාර්ථවාදය නැහැනේ. ඒක වෙනමම ශානරයක්. මගේ මේ 4චූන් Residency කතාවේ මායා යථාර්ථවාදී දේ සහ අධි යථාර්ථවාදය නැහැ. මේ සිස්ටම් එකේ කොල්ලා, කෙල්ල ගන්න ආතල්, කොල්ලෝ 4කගේ ආතල් මෙහි තියෙන්නේ. ඒක හරිම රියල්. ඕනෑම අවස්ථාවක කොල්ලෙක්ට, කෙල්ලෙක්ට තමන්ගේ චරිතය මේක ඇතුළේ හොයාගන්න පුළුවන්. මෙහි චරිත 4ක් ගත්තොත් කොළඹ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා, ගමක ඉඳන් කොළඹට ආව කෙල්ලෝ දෙන්නෙක්ව අර දෙදෙනා අරන් එනවා. කොළඹ කෙල්ලන්ට නයිට් ලයිෆ් එකක් තියෙනවා. ගමේ කෙල්ල කොළඹ ගියාම ප්‍රේග්න්ට් වෙනවා. මේක කොළඹ කතාවක් විදිහටම කරන්නයි හිතුවේ. ලංකාවේ ගොඩාක් අය හිතනවා කොළඹ ඇතුළේ ලංකාව තියෙන්නේ කියලා. ඇත්‍තනම් ලංකාව ඇතුළෙනේ කොළඹ තියෙන්නේ. අරගල කරද්දීත් ගමට වඩා ගෝල්ෆේස් ඇවිත් අරගල කරන්න ආසයි. කොළඹ කේන්ද්‍ර කරගෙන තමයි මේ චරිත ගේම ගහන්න හදන්නේ. එහෙම ගිහින් වැඩේ නාගන්න දෙදෙනෙකුත් ගමේ අයත් කොළඹ අයත් ඒ ආතල් ගන්න හැටි මෙහි තිබෙනවා. ඒවගේ කතා රැසක්ම 4චූන් Residency ඇතුළේ තිබෙනවා. මෙහි ගැහැනු චරිත 4ක් තිබෙනවා. ගමේ කෙල්ලෝ දෙදෙනයි කොළඹ දෙන්නයි. පැය 3කින් ලංකාවේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන් කියන දේත් මෙහි තිබෙනවා.

මේ දිනවල කතාබහට ලක්වෙන Human Errors ගැනත් යමක් කියමු...?

Human Errors වෙනුවෙන් 100%ක්ම මම පෙනී සිටිනවා. මේ කතාවේ ලංකාවේ ටෙලිනාට්‍යයක අවසාන 5ක් ප්‍රේක්ෂකයන්ට ලබාදුන් අවස්ථාවක්. ඒ අවස්ථාව 5ම පෙන්වනවා. ප්‍රේක්ෂකයන්ට අවස්ථාව දෙනවා කැමැති එක තෝරාගැනීමට. එය මටත් අත්දැකීමක් වුණා. ප්‍රේමය නියම් ද අනියම් ද කියලා වෙන්කරන්න බැහැ. කසාද බැඳපු කෙනෙකුට තව කෙනෙක්ට ආදරය කරන්න බැහැ කියලා නීතියෙන් කියන්න පුළුවන්. ඒත් මේවා ප්‍රශ්න වෙන්න නැතිවෙන්න අහුනොවී කරන පට්ට ලස්සන ප්‍රේමයක් Human Errors තුළ තිබෙනවා. මේවා අහුවුණාම එකාට එකා පාවාදෙනවා තමන්ගේ කුටුම්භය ආරක්ෂා කරගන්න.

"Human Errors" අපේ ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් නේද....?

මේක අපේ රටේ ප්‍රේක්ෂකයාට අමුතු වෙන්න පුළුවන්. අපේ රටේ තිබෙන සංස්කෘතික, සදාචාර රාමුව තුළ හිරවෙලා බලන පිරිසට එය අරුමයක් වෙන්න පුළුවන්.. මම පිටරට දේවල් බලනවා. මලයාලම් කතාවලට ඇබ්බැහිවෙලා වගේ බලනවා. ඒ බලද්දී මට තේරුණා මේකට ජ්චද ඕචඵඥ එකක් තිබෙනවා කියලා. ඇයි අපිට මේක කරන්න බැරි කියලා මට හිතුවා. අද වෙද්දී Human Errorsවලට ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබෙනවා . මෙහි ඡ්නඪඵධඤඥ 08ක් තිබෙනවා . මෙහි එකම පිරිස ඉන්නේ කියලා බරපතළ චෝදනාවකුත් තිබෙනවා . ඒ චෝදනාව මම පිළිගන්නවා. මට ඒ පිරිස එක්ක වැඩකරන්න ලේසියි. උන් ඇත්තටම මේකට හරියට මහන්සි වෙනවා. රංගනය යනු පරිකල්පනය කරන ලද මොහොතක සැබෑ ලෙස ජීවත්වීම. දස්සා, ශලනි වගේ අය ඒක හරියටම කරනවා....

අපට Human Errors දිගුවක් බලාපොරොත්තු වෙන්න පුළුවනිද...?

️දිගුවක් කරන්නේ නැහැ. මගේ ජීවිතේට Season  2 කරන්නේ නැහැ .

"Human Errors"හි තොල් සිපගැනීම වැනි දෙයක් සමහරුන්ගේ කතාබහට ලක්ව තිබෙනවා....?

මම ආදරය කරපු කෙල්ලට මම Lipskiss කරලා තියෙනවා . ඒකට සංස්කෘතියෙන් පොඩි බාධාවක් තියෙනවා Lipskiss බෑ කියලා. “අපි හවසට සෙට් වෙමු” කියන දෙබස මගේ නිර්මාණයකට යොදාගත්තා කියලා මට නඩුවකුත් වැටිලා තියෙනවා. මම නිර්මාණයක් කරන්නේ අනිකාගේ Angle එකට නෙවෙයි. මගේ Angle එකට. එහෙම වුණොත් මට නිර්මාණ කරන්න බැහැ. මට ටඥඥත වෙන එකයි මම කරන්නේ. නිර්මාණකරුවෙක් නිර්මාණ කළයුත්තේත් තමුන්ට දැනෙන දේට අනුව බවයි කියා මම විශ්වාස කරනවා.මෙහි එන ඹ්ඪනඵඬඪඵඵ සීන් එක මහ ලොකුවට විවේචනය කරන්න දෙයක් නෙවෙයි. එය කතාවට අවශ්‍ය පරිදි කලාත්මකව යොදාගැනීම පමණයි මම සිදුකළේ.

4චූන් Residency සහ Human Errors නිෂ්පාදන අර්ථපතියන් සිහිකළොත්...?

4චූන් Residency නිෂ්පාදන අර්ථපතීත්වය දරන්නේ V සිලෝන් පෞද්ගලික සමාගම වෙනුවෙන් චන්දිම කනකරත්න සහ දිල්ශානි එදිරිවීර බණ්ඩාර. Human Errors නිෂ්පාදනය ග්‍රැෆිට් පෞද්ගලික සමාගම වෙනුවෙන් තනුෂ්කා ජයවර්ධන සමඟ නිශාන්ත ඩයස්.

ඔබේ ‘අඩෝ’ ටෙලි නිර්මාණය සම්මාන රැසකටම පාත්‍රවෙනවා...?

‘අඩෝ’අවුරුදු 04ක් 04 වතාවක් ලිව්වා. මගේ යාළුවන්ට කියලත් ලියෙව්වා. ඒක ෂූට් කරන්න අයේ මම ලිව්වා. සංක්‍රමණිකයන් සඳහා වූ අන්තර්ජාතික සංවිධානය එක්ක මම බෝහෝම ළඟින් වැඩකරනවා. එයාලා එක්ක වැඩ කරද්දි මෙහෙම මෙහෙම ඕචඵඥ කරන කතා තියෙනවා. ඒ ඔක්කොම එකම සමාජ පන්තියකට ගේන්න මම කල්පනා කළා. එහි ප්‍රතිඵලයක් තමයි ‘අඩෝ’ කියන්නේ. ‘අඩෝ’ සඳහා සම්මාන 19ක් ලැබුණා. ශලනි තාරකා රයිගම් ටෙලි සම්මාන උලෙළේදී හොඳම නිළිය වෙද්දී සමනලී ෆොන්සේකා සුමති ටෙලි සම්මාන උලෙළේදී හොඳම නිළිය වුණා. රන්දික ගුණතිලක ටෙලිනාට්‍ය රංගනයට එන්නේ ‘අඩෝ’ ටෙලිනාට්‍යයෙන්. ඔහුට හොඳම සහය නළුවා සම්මානය ලැබෙනවා.

ඔබ ඔබට ආවේණික රිද්මයකට යන්න කැමැති නැහැ වගේ...?

ආවේණික වෙන්න ආස නැහැ. ආවේණිකයි කිව්ව ගමන් මේක සුපුන්ගේ වැඩක් කියලා කියන තැනට වැටෙන ආකෘතියකට මාව දාලා වගේ දැනෙනවා. මම ඒකට ආසා නැහැ. මට ඕන එක් එක් ශානරවල වැඩ කරන්නයි. එක් එක් ශානරවල වැඩකරද්දී අහනවා කාගෙද ටෙලිඩ්‍රාමා එක කියලා. ඒක සුපුන්ගේ කිව්වාම ඒක ප්‍රේක්ෂකයන්ට පොඩි ආතල් එකක් වෙනවා.

සිනමාවට අවතීර්ණ වෙන්න අදහසක් නැද්ද..?

මගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ලබන දෙසැම්බර් මාසයේ රූගත කිරීම් ආරම්භ කෙරෙනවා. එහි Casting අවසන් කරලා තියෙන්නේ

Human Errors වැනි Mini Seriesවලින් අපට අන්තර්ජාතික ටෙලිනාට්‍ය වෙළඳපොළක් සාදාගත හැකි යැයි ඔබ විශ්වාස කරනවද...?

අන්තර්ජාතික වෙළඳපොළ කියන්නේ මෙහෙමයි. ලංකාවෙන් රට ගියා කියලා එහේ ඉඳන් මේක බැලුවට ඒක අන්තර්ජාතික නැරඹුම් වාරයක් නෙවෙයි. නමුත් ඒක නෙවෙයි වැඩේ කියන්නේ, අන්තර්ජාතිකත්වය බලාගෙන වැඩ කරනවද, අපේ ප්‍රේක්ෂකයාට තේරෙන්න නිර්මාණ කරනවාද කියන එකයි. මෙහේ ඉඳන් කරන වැඩෙයි හරියට කෙරෙන්න ඕන. අන්තර්ජාතික වෙළෙඳපොළට වැඩක් කරනවා නම් මේ වැඩේ මේ රටේ හරියට කරලා ඉන්න ඕන.

ඔබේ ටෙලි නිර්මාණ සම්මානයට ලක්වූ අවස්ථා සඳහන් කළොත්...?

කලින් කිව්වා වගේ ‘අඩෝ’ට සම්මාන 19ක් ලැබුණා. ශලනියි සමනලියි රයිගම් සහ සුමති ටෙලි සම්මාන උලෙළ දෙකේදී වෙන වෙනම හොඳම නිළිය සම්මානය ලබාගත්තා. ‘තුන්පනේ’ සහ ‘‘Metro  හීන’ ටෙලිනාට්‍යවලට අදාළ සම්මාන උලෙළ එකම වසරේ පැවැත්වුණේ.රයිගම් සම්මාන විතරයි තවම ලැබුණේ. ‘තුන්පනේ’ 2022 වසරේ රයිගම් ටෙලි සම්මාන උලෙළේ සම්මානයට පාත්‍රවුණා. සම්මාන 06කට නිර්දේශ වුණා. හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම ගීත රචනය යන අංශ තුනටම මගේ නම නිර්දේශ වුණා. හොඳම ගීත රචනයට සම්මාන ලැබුණා. ජූරිය විසින් හොඳම තිදෙනා තීරණය කළා. ‘Metro  හීන’ තිර රචනය රසික සුරවීරආරච්චි. රයිගම් සම්මාන උලෙළේ ‘Metro  හීන’ සඳහා හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම සහය නිළිය සම්මාන ලැබුණා.

වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද...?

මගේ හීනයක් තමයි වේදිකාවට ගොඩවීම. මේ තියෙන වැඩත් එක්ක ඒ හීනය මරාගන්නේ නැතිව ඉවසගෙන ඉන්නවා.

මෙතෙක් ඔබ කළ නිර්මාණවලින් ඔබේ ජීවිතයට වඩාත් බලපෑ නිර්මාණය ගැන සඳහන් කළොත්...?

සෑම නිර්මාණයක්ම මගේ ජීවිතයට සම්බන්ධයි. මගේ නිර්මාණවලින් 90%ක්ම මගේම පිටපත්. පිටපත ලිවීමේදී මගේ ජීවිතයේ සිදුවීම්, මගේ යාළුවන්ගේ ජීවිතයේ සිදුවීම් ලියන එක මට වැඩිපුරම ආතල් එකක් වෙනවා .

වත්මන් ටෙලිනාට්‍ය අර්බුදය ගැන ඔබේ මතය...?

ලොකුම ප්‍රශ්නය තමයි මුදල් නොගෙවීමේ ප්‍රශ්නය. ලංකාව ඇතුළේ ටෙලිනාට්‍යයක් කරනවාට වඩා අමාරුයි රූපවාහිනි නාලිකාවලට දීලා සල්ලි ගන්න එක. වෙලාවට මුදල් ලැබෙන්නේ නැති ප්‍රශ්නය ඉතා බරපතළ විදිහට තියෙනවා.

ඔබ ගුරුකොටගත් සිනමා අධ්‍යක්ෂවරු කවුද...?

ලංකාවේ අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රසන්න විතානගේට ගොඩාක්ම කැමැතියි. ඉන්දියාවෙන් නම් මනිරත්නම්ට. ඒ දෙන්නා මට ගොඩාක් ළඟින්ම දැනෙනවා. ඔවුන්ට මම පෞද්ගලිකව ආසයි. මගේ නිර්මාණයන්ට ඔවුන්ගේ එම සිනමාවේ අත්දැකීම් ගන්න මම කැමැතියි.

ඔබේ ඉදිරි නිර්මාණ කාර්යයන් මොනවාද....?

‘මට තත්පරයක් දෙන්න’ නමින් ටෙලිනාට්‍යයක් සැප්තැම්බර් මාසයේ විතර විකාශය වීමට නියමිතයි. එහි කොටස් 10ක් රූගත කිරීම් දැනට අවසන් කරලා තියෙන්නේ..

ඔබේ පවුලේ විස්තර කීවොත්....?

මගේ බිරිඳ වරලත් ගණකාධිකාරිවරියක්. ඇය ලංකා IOC  එකේ රැකියාව කරන්නේ. දුවයි පුතයි ඉන්නේ. ඒ දෙන්නා ලොකුත් නෑ, පොඩිත් නෑ. දුව 05 වසරේ. පුතා 03 වසරේ.

 

 

[email protected]