Home » පෙරළිකාර ජීවිතයට

පෙරළිකාර ජීවිතයට

" අමුතු 3 ක් "

by Thanushika
June 5, 2025 1:52 pm 0 comment

සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක සිනමා සිත්තමක් වන ” අමුතු 3 ක් ” , රජයේ එක්තරා ආයතනයක ගිණුම් පරික්ෂකවරුන් ලෙස සේවයේ නිරත මිතුරන් වන සමරතුංග, වික්‍රම හා රහල් යන චරිත ත්‍රිත්වය මූලික කරගෙන දිගහැරේ. එම ආයතනයේ ප්‍රධාන ලිපිකරුවකු වන සමරතුංග සාම විනිසුරු පදවියක් ද උසුලයි. ඔහුගේ බිරිඳ වාසනා එම පදවිය අවභාවිතා කරමින් මුදලට සහතික පත් නිකුත් කරයි. ඔවුනට පාසැල් වයසේ පසුවන පූර්ණි නමින් දියණියක් ද සිටී. විවාහකයෙකු නමුදු ස්ත්‍රී ලෝලියෙකු වන වික්‍රමට පිරිමි දරුවෙකු සිටී. බියගුලු චරිතයක් වන රහල් විවාහකයෙකු වූවද දරුවන් නොමැත. තම බිරින්දෑවරුන්ගේ කරදරයෙන් මිදී දින දෙක තුනක විනෝද චාරිකාවක් යාමට ඔවුන් සැලසුම් කරයි. තම ආයතනයේ අනුරාධපුර ශාඛාවේ ගිනුම් පරික්ෂණයක් සඳහා යන බව තම තමන්ගේ ගෙවල්වලට පවසා, යහළුවෙකුගේ ජීප් රථයකින් ඔවුන් නාවලපිටිය බලා විනෝදයෙන් ගී ගයමින් යන අතර මඟදී තරුණ මවක හා දියණියක වාහනයේ ගැටෙන අතර, බියවන ඔවුහු නොනවත්වා පලායති. අනතුර පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි. එලෙස අනතුරට ලක්වන්නේ , මළවුන් පවා අවදිකර පොලීසියට අවශ්‍ය කටඋත්තර ලබා ගැනීමට පවා දක්ෂ යන්ත්‍ර මන්ත්‍ර කට්ටඬියකු වූ නෝනිස් ගුරුන්නාන්සේ ගේ දියණිය හා මිනිබිරියයි. මෙයින් කෝපයට පත්වන නෝනිස් ගුරා, අනතුර කර පළගිය වුන් මන්ත්‍ර බලයෙන් පොඩි ළමයින් බවට පත්කරයි. ඉන් අනතුරුව තම බිරින්දෑවරුන්ට අම්මේ යැයි පවසන ඔවුන් පාසැල් යාමට අවශ්‍යබව පවසයි. දේශපාලන මැදිහත්වීමෙන් පැසැලට ඇතුළත් කරන ඔවුන් එහිදී විවිධ විකාර වැඩ කරයි. පොලීසිය සහ නෝනිස් ගුරා මොවුන් සොයා වෙහෙසෙති. ඔවුන් තිදෙන නීතියට හෝ නෝනිස් ගුරාට හසුවේද හා ඔවුන් නැවත යථා තත්ත්වයට පත්වේද යනු ” අමුතු 3ක්” තිරගත වූ කළ විසඳෙනු ඇත.

වෘත්තියෙන් ගුරුවරයෙකුව සිටි සුනිල් ප්‍රේමරත්න කලා ක්ෂේත්‍රයට ඇති ලැදියාව නිසාම සහය අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සිනමාවට එක්වන ඔහු තිර පිටපත් රචකයෙකු ද වෙයි. ” මෙයට පෙරාතුව, ” ටවුමේ ඉස්කෝලේ (2018) වැලි පවුරු”(2019), “නිහඬ සෙවණැලි”(2021), “ලොක්ඩවුන්” (2023) යන සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂකයා වෙත

රංගන දායකත්වය

කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, ප්‍රියන්ත සෙනෙවිරත්න, සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, දුලීකා මාරපන, ජයනි සේනානායක, නිරෝශා තලගල, හිරුණි රණසිංහ, සමන් හේමරත්න, ජගත් ගලප්පත්ති, සඳුන් බණ්ඩාර, රාධිකා ගුණවර්ධන, කාංචනා ඛාන්, නදීකා ප්‍රශාන්ති, ඇලෙක්සි ප්‍රනාන්දු, සුජීව දිසානායක, ප්‍රියන්ජිත් බණ්ඩාර, හරිත් වාසල හා චානි ෆ්ර්ඩිනැන්ඩස් ඇතුළු පිරිසකි.

කාර්මික දායකත්වය

කතා සංකල්පය සහ අධ්‍යක්ෂණය – සුනිල් ප්‍රේමරත්න

නිෂ්පාදනය – නීල් සංජීව, සුනිල් ප්‍රේමරත්න, රශ්මික ලක්ෂාන්, නදීකා ප්‍රශාන්ති, චලනි තරංගා වාහලවත්ත, සංගීත් අල්ගම

තිර රචනය – ප්‍රියනාත් විදානපතිරණ, නිලංක ඇලෙක්සැන්ඩර්, සුනිල් ප්‍රේමරත්න

තිර රචනා අධීක්ෂණය – සුනෙත් මාලිංග ලොකුහේවා

කැමරා අධ්‍යක්ෂණය – චින්තක ඩී. බණඩාර

අතිරේක කැමරා – ගාමිණි මොරගොල්ලාගම, නිලංග පතිරණ

සංස්කරණය හා වර්ණ සංකලනය –

ශාන් අල්විස්

සහය අධ්‍යක්ෂණය – නලින්ද උදයසිරි

දෙවන සහය අධ්‍යක්ෂණය – සහන් ජයසූරිය, නිශා මධුවන්ති

අංග රචනය – තාරක අධිකාරි

කලා අධ්‍යක්ෂණය – උපාලි උදයසිරි

සහය කලා අධ්‍යක්ෂණය – සමීර ප්‍රසාද්, සජිත් සමරනායක, බී.එම්.එස්. බාලසූරිය

හඬ පට නිර්මාණය සහ නාද ශික්ෂණය – සශික රුවන් මාරසිංහ

සංගීත අධ්‍යක්ෂණය – අශාන් ප්‍රනාන්දු

ගීත රචනය – අන්ෂාෆ් අමීර්

ගීත ගායනය – අශාන් ප්‍රනාන්දු, විදූෂා රජගුරු, කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, ප්‍රියන්ත සෙනෙවිරත්න, නෙතුජ දිලෝෂාන් (ළමා)

නිෂ්පාදන කළමණාකරණය -සුසන්ත ඩයස් අබේසිංහ

නිෂ්පාදන විධායක – ලංකා ධර්මවික්‍රම

නිශ්චල ඡායාරූපකරණය – ඉන්දික මල්ලවආරච්චි

ග්‍රැෆික් නිර්මාණය – ප්‍රදීප් ප්‍රේමලාල්

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග – කවිත සල්ගාදු, ශාන් අල්විස්

අමතර ශබ්ද – සුසන්ත ධර්මප්‍රිය, සම්පත් රත්නායක .

දෙබස් සංස්කරණය – ලක්ෂිත ෆොන්සේකා

ඩ්‍රෝන කැමරාකරණය – බුද්ධික දිල්ශාන්

ශබ්ද මිශ්‍රණ සහය – කේ.වී. නන්ද කුමාර, අනුර මුණසිංහ

 

antonjocic@gmail.com

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

editor.sarasaviya@lakehouse.lk

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT