Home » Starline Fm Radio පළමු සංවත්සරය දා සාරා වැඩ අරඹයි

Starline Fm Radio පළමු සංවත්සරය දා සාරා වැඩ අරඹයි

සාරා චිත්‍රපට ගීතයද එළිදකී

by Thanushika
August 7, 2025 12:30 am 0 comment

Starline විෂුවල් රේඩියෝහි පළමු සංවත්සරය පසුගිය ජූලි 7 වෙනිදා රාජගිරිය Opulent River face හෝටලයෙදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා Starline අධිපති හේමන්ත් කුමාර් ගුණධීර සහ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

මෙම උත්සවයට සමගාමීව Starline Motion Pictures ඉදිරිපත් කරන ‘සාරා’ චිත්‍රපටයෙහි මුහුරත් උලෙළද එදින පැවැත්විණි. එහිදී සාරා චිත්‍රපටයේ ගීතයක්ද එළි දක්වන ලදි. මෙහි හේෂාන් රත්නායක සහ සුදීක්ෂා සමාධි ප්‍රධාන චරිත නිරූපණය කරති.

‘සාරා’ චිත්‍රපටයේ පිටපත නිලූ බණ්ඩාරගෙනි. ගීත රචනය ශෙහාන් බණ්ඩාර විසින් වන අතර සංගීත අධ්‍යක්ෂණය සරත් වික්‍රමගෙනි. මෙහි කැමරා අධ්‍යක්ෂණය රුවන් කේ. අමරසිංහ වන අතර සංස්කරණය කාවින්ද සමරකෝන් ගෙනි.

සාරා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ යසිත වික්‍රමවර්ධන විසිනි. මෙහි නිෂ්පාදනය Starline අධිපති හේමන්ත් කුමාර් ගුණධීර්ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT