මඳක් කියා රැසක් හඟවන ආදර වස්තුව

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත‍්‍රී භූමිකාව -114 ලිපිය
අගෝස්තු 18, 2022

 


පූර්වයෙහිද ම විසින් කියන ලද පරිද්දෙන් ප‍්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායකගේ නිර්මාණ සියල්ලෙහිම දක්නා ලැබෙනුයේ සෞන්දර්යවාදයෙහි හා යථාර්ථවාදයෙහි මනා වූ මුසුවකි. ඔහුගේ ”‍ආදර වස්තුව”‍ (2013) නාට්‍ය නිර්මාණයද ඊට දෘෂ්ටාන්තයකි. ”‍ආදර වස්තුව”‍ යන නාමකරණය දෙස විමංසනාක්ෂිය හෙළීමේදී එකවර සහෘද මනසෙහි ජනිත කෙරෙනුයේ සරල , සුගම පේ‍්‍රම කතාවක් තේමා කොට ගත් නාට්‍යයකි. එහෙත් ”‍ආදර වස්තුව”‍ වූ කලී ආදර සබඳතාවලින් ඔබ්බට දිවෙන සංකීර්ණ දේශපාලන සබඳතාද විවරණය කෙරෙන නාට්‍යයකි. මතුපිටින් දිස්වන සාර්ව දේශපාලනය මතු නොව ව්‍යංග්‍යාර්ථයෙන් කුළුගැන්වෙන ක්ෂුද්‍ර දේශපාලනයද රාජිතගේ ආදර වස්තුවෙන් හෙළි වේ. එය ආදර වස්තුවෙන් නොනැවතී දේශපාලන වස්තුවක්ද වනුයේ එහෙයිනි. මේ නාට්‍යය පුරාම මෙහි නවීන් සහ මාධවී නම් වූ ප‍්‍රධාන යුවළගේ පේ‍්‍රම සබඳතාවට සමගාමීව දේශපාලන සබඳතාද විවරණය කෙරේ. ඔවුන්ගේ අතීත සහ වර්තමාන ජීවිතවල වෙනස්කම් තුලනය කිරීමක්ද මෙහි දක්නා ලැබේ. විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු සහ රාජ්‍ය උපදේශකවරයකු වූ නවීන්ගේ භූමිකාව ශ්‍යාම් ප‍්‍රනාන්දුත් මාධවී නමැති මාධ්‍යවේදිනියගේ චරිතය නදීශානී පේළිආරච්චිත් මෙහි නිරූපණය කළහ. මාධවී අන්තර්ජාතික සඟරාවක පුවත්පත් කලාවේදිනියකි. නාට්‍යය ආරම්භයේ දී නවීන් සහ මාධවී වර්තමානය තුළ මෙසේ හමුවූවත් ඔවුන්ගේ අතීතයේදී නවීන් විශ්වවිද්‍යාල ඇදුරෙකි. මාධවී ඔහුගේ ශිෂ්‍යාවකි. අතීතයේ ඔවුන් දෙදෙනා අතර පේ‍්‍රම සබඳතාවක් ගොඩනැඟී තිබිණ.

නාට්‍යය රඟදැක්වෙන පැය එකහමාරක කාලය තුළ කිසිදු ජවනිකාවක් හෝ පසුතලයක් මාරු නොවීම මේ නාට්‍යයෙහි දක්නා ලැබෙන එක් සුවිශේෂත්වයකි. තත්ක්ෂණ ජීව කලාවක් වූ වේදිකා නාට්‍යයක රඟපාන නළු, නිළියන්ගෙන් දශමයක හෝ දෝෂයක් සිදුවුවහොත් චිත‍්‍රපටයකදී හෝ ටෙලි නාට්‍යයකදී මෙන් එය නිවැරැුදි කොට නැවත රඟපෑමට අවකාශයක් නොලැබේ. වෙනත් කලා මාධ්‍යවල නළු, නිළියන්ට තම රංගනය අතර මඳක් හෝ විරාමයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. එහෙත් වේදිකා නාට්‍ය කලාව තුළ එබඳු අවකාශයක් නොමැත. එකී මාධ්‍යයීය සුවිශේෂතාවෙන් හෙබි වේදිකා නාට්‍ය කලාව තුළ බැ?රුම් රංගනයක නියැළෙන නළු, නිළියන් යම් ආකාරයක හෝ විරාමයක් ලබා ගනුයේ ජවනිකා හෝ පසුතල මාරු :ඊක්ජන දමඑ) වීමෙන් හෝ ගීතමය ජවනිකාවකිනි. එබඳු මාරු වීමක්, ගීතයක් නොමැති නාට්‍යයක සමස්ත නාට්‍යය රඟදැක්වෙන පැය එක හමාරක කාලය තුළ අඛණ්ඩව වේදිකාවේ රැුඳී සිටීමට කිසියම් නළුවකුට හෝ නිළියකට සිදුවුවහොත් තත්ත්වය කෙතරම් බැ?රුම් වේද ? ”‍ආදර වස්තුව”‍ හි දැක්නා ලැබෙන එකම නිළි චරිතය (මාධවී) නිරූපණය කරන නදීශානි පේළිආරච්චි, සමස්ත නාට්‍යය රඟ දැක්වෙන පැය එක හමාරක කාලය තුළ අඛණ්ඩව වේදිකාවේ රැුඳී සිටින්නීය.නළුවා හෝ නිළිය සවිඤ්ඤාණකව අවිඤ්ඤාණක වීම :ඊැජදපසබට ජදබිජසදමිකහ මබජදබිජසදමි) රූපණ කාර්යයෙහිදී අවැසි වේ. රූපණය වූ කලී සරල කටයුත්තක් නොවේ. රූපණයට පිවිසෙන සෑම නළුවකු හෝ නිළියකම අනිවාර්යෙන්ම වේදිකා නාට්‍යයක රඟපෑම අතිශය වැදගත් වනුයේ ඉන් ස්වකීය වෘත්තියට ලැබෙන අභ්‍යාසය, අත්දැකීම් අවසෙස් කිසිදු කලා මාධ්‍යයකින් ඔවුන්ට නොලැබෙන බැවිනි. සැබෑ රූපණ කාර්යය උදෙසා කායික, මානසික වශයෙන් දැරිය යුතු පරිශ‍්‍රමය අරභයා මනා අවබෝධයක් වේදිකා රංගනය තුළින් නළුවකුට හෝ නිළියකට ලැබේ. මෙරට දක්නට නොලැබුණත් විදෙස් රටවල නළු, නිළියන් සඳහා ඔවුන්ටම උපදේශකවරුන්, කළමනාකරුවන් සිටිනුයේ මේ වෘත්තියෙහි පවත්නා බැ?රුම්කම නිසාවෙනි.

සැබැවින්ම ”‍ආදර වස්තුව”‍ නාට්‍යයෙහි රූපණය එහි නළු නිළියන්ට රංගන වැඩමුළුවක්, අත්දැකීම් රාශියක් ලබා දෙන අභ්‍යාසයක් බවට පත්විය.

”‍ආදර වස්තුව”‍ නාට්‍යයෙහි නවීන් සහ මාධවී පෙර කී ලෙස හමුවීමේදී අතීතයේ ඔහු තුළ තිබූ ප‍්‍රගතිශීලී අදහස් පිළිබඳ ඈ ප‍්‍රශ්න කරන්නට පටන් ගනී. අතීතයේ හුදෙක් නවීන් විශ්වවිද්‍යාල ඇදුරකුව පමණක් සිටි සමයේ ඔහු දැරූ ප‍්‍රගතිශීලී අදහස් මතුපිටින් වෙනස් වී ඇති බව මාධවීට වැටහේ. එහෙත් ඔහුගේ අභ්‍යන්තරික චර්යාවන් එසේ නොවේ. නවීන් රාජ්‍ය උපදේශක ධුරය දරන අතරතුර මාධ්‍ය ආයතනයක හිමිකරුවකු වූ සුරේෂ් (ගිහාන් ඞී චිකේරා සහ තුමි`දු දොඩන්තැන්න රඟපෑ) හා එක්ව රජය පෙරළා දැමීමට කුමන්ත‍්‍රණ කරමින් සිටින බව ක‍්‍රමිකව පේ‍්‍රක්ෂකයාට දැනගැනීමට ලැබේ. මේ කුමන්ත‍්‍රණය ඇතැමුන්ගේ අවධානයට යොමු වී ඇති බව සුරේෂ් හට වැටහෙමින් තිබේ. සැබැවින්ම නාට්‍යය ආරම්භ වනුයේ සුරේෂ් නවීන්ගේ කාර්යාලයට පැමිණ ඔහු සමඟ සාකච්ඡුා කොට නික්ම යන ජවනිකාවකිනි. ඉන්පසුව මාධවී එහි පැමිණේ. නවීන් සහ මාධවී මෙලෙස හමුවනුයේ දස වසරකට පසුවය. අතීත විශ්වවිද්‍යාල ජීවිතයේදී ඔවුන් පෙම්වතුන් වුවත් දැන් දෙදෙනාම විවාහ වී අවසන්ය. නවීන් හා මාධවී එලෙස කතාබහ කරමින් සිටියදී විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වූ විදුර (නලින් ලූ‍සේනා හා කසුන් චතුරංග රඟපෑ) පැමිණේ. ඔහු නව අධ්‍යාපන සංශෝධනය පිළිබඳව නවීන්ගේ අදහස විමසා සිටියත් මේ මහාචාර්යවරයා ඊට නිසි පිළිතුරක් නොදෙයි. එක් අතකින් විදුරගේ භුමිකාව සිහිපත් කරනුයේ නවීන්ගේ අතීත විශ්වවිද්‍යාල ජීවිතයයි. අතීතයේ නවීන්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු සමයේ විදුර සේම ප‍්‍රගතිශීලී , යහපත් සමාජයක් උදෙසා අරගල කරන්නෙකි. එහෙත් වර්තමානයේ රාජ්‍ය උපදේශකවරයකු ලෙස අධ්‍යාපන සංශෝධනය උදෙසා නිශ්චිත පිළිතුරක් නොදෙයි. විශ්වවිද්‍යාල සමයේ සහ පසුකලෙක රජයේ ඉහළ ධුරයක් ලැබූ පසු පුද්ගලයකු ක‍්‍රියාකරන ආකාරයේ වෙනස්කම් තුලනය කිරීමට මෙමඟින් පේ‍්‍රක්ෂකයාට හැකියාව ලැබේ. නවීන් විදුරට මාධවී හඳුන්වා දෙයි. නවීන් සහ මාධවී කතාබහ කරමින් සිටියදී ඇමැතිවරයාගේ කැඳවීමක් හේතුකොට නවීන් මඳ වේලාවක් කාර්යාලයෙන් පිටතට යයි. ඒ අතරතුර මාධවී නවීන්ගේ පුස්තකාලයේ පොත් ගැන අවධානය යොමු කරයි. අතීතයේ ඇය ඔහුට තෑගි කළ පොතක්ද එහි තිබේ. මේ අතර යළිත් පැමිණෙන විදුර තමාටත් මාධ්‍ය ආයතනයේ රැුකියාවක් සොයා දෙන ලෙස මාධවීගෙන් ඉල්ලා සිටී. සුරේෂ් , නවීන් සොයා හදිස්සියේ නිවසට පැමිණෙද්දි මාධවී පැමිණ තිබූ රතුපැහැති කාරය දකී. ඔහු මාධවී ගැන නවීන්ගෙන් විමසා සිටී. මාධවීට ඔහුගෙන් අනතුරක් සිදුවිය හැකි බැවින් නවීන් ඇය පැමිණ නැති බව ඔහුට පවසමින් තම කාමරයේ පොත් රාක්කය පසුපස සැඟවී සිටින ලෙස ඇයට පවසයි. මාධවී පොත් රාක්කය පිටුපස සැඟවී ඔවුන්ගේ කතාබහට සවන් දෙයි.මේ අතරතුර නවීන් මාධවීගේ පැමිණීම තමාට සඟවන බව සුරේෂ් වටහා ගනී. මේ බහින්බස් වීමේදී ඔහු පිස්තෝලය ගෙන නවීන්ගේ හිසට තබා මේ අරභයා ප‍්‍රශ්න කරයි. මේ අතරතුර කිසිවෙකු දොරට තට්ටු කරන හඬ ඇසේ.”‍උඹ ඔහොම හිටපන් මං දොර ඇරලා බලන්නම්”‍ යැයි පවසන සුරේෂ් ගොස් එය විවෘත කරත්ම වෙඩි ශබ්ද මාධවීට ඇසේ. මාධවී සිතනුයේ නවීන්ට කිසිවකු වෙඩි තැබූ බවය. එහෙත් ඇය සැඟවුණු ස්ථානයෙන් එළියට පැමිණ බලද්දී දකින්නට ලැබෙනුයේ සුරේෂ් වෙඩි පහරින් මියගොස් ඇති බවය. දොර විවෘත කොට බැලීමට නවීන් නොගිය නිසා ඔහුගේ දිවිය සුරැුකී ඇත. නවීන් සහ සුරේෂ්ගේ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණය වැටහුණු කණ්ඩායමක් එය මර්දනය කිරීමට මේ ඝාතනය සිදුකළ බවට ඉඟි පේ‍්‍රක්ෂකයාට ලැබේ.

මාධවී නියෝජනය කරන මාධ්‍ය ආයතනය විසින් නවීන් සමඟ සම්මුඛ සාකච්ඡුාවක් පැවැත්වීමට ඇය එවන ලද්දේ මේ කුමන්ත‍්‍රණය ගැන දැන ගැනීමට දැයි යන සාධාරණ සැකය සහෘදයා තුළ ජනිත කෙරේ. එක්කෝ ඇය දැනුම්වත්ව මේ ගැන ප‍්‍රශ්න කිරීමට පැමිණියා විය හැකිය. නොඑසේනම් ඇය මේ අරභයා කිසිවක්ම නොදැන තමන් නියෝජනය කරන මාධ්‍ය ආයතනය වෙනුවෙන් ඉත්තකු සේ භාවිත වූවා විය හැකිය. මඳක් කියා රැුසක් හැඟවීම රාජිතගේ නාට්‍ය දෘෂ්ටියෙහි වෙසෙස් ලකුණකි. එහෙයින් පේ‍්‍රක්ෂක සහෘදයාගේ නිදහස් පරිකල්පනයට, කියැවීමට ඔහු ඉඩ තබා ඇත. ”‍මනුෂ්‍යයා ස්වභාවයෙන්ම දේශපාලන සත්වයෙකි”‍ :ඵ්බ සි ඉහ භ්එමරු ් ඡුදකසඑසජ්ක ්බසප්ක) යන ඇරිස්ටෝටල්ගේ ප‍්‍රකට කියුම මේ නාට්‍යය නරඹන සහෘදයාට සිහිපත් වීම වැළැක්විය නොහැක්කකි. දේශපාලනය මිනිස් ජීවිත හසුරුවයි, වරෙක මිනිසා ඊට දැනුම්වත්ව හසු වේ. වරෙක නොදැනුම්වත්ව හසුවේ. මාධවීටද තම මාධ්‍ය ජීවිතයේ සිහින ඇත. ඇයට අවශ්‍ය වන්නේ නවීන් සමඟ සිදුකරන මේ සම්මුඛ සාකච්ඡුාව තම බලධාරියාට ලබාදී ලන්ඩනයේ පුවත්පත් කලාවේදිනියක වීමේ සිහිනය සැබෑ කොට ගැනීමටය. විදුර සමඟ නවීන් කරන කතාබහ අසා සිටින මාධවීට දැනගන්නට ලැබෙනුයේ ඔහු පෙර සේම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් සමීපව ඇසුරු කරන බවය. අතීතයේ ඔහු මාධවී සමීපව ඇසුරු කළේද එපරිද්දෙනි. ඔහුට මාධවී කෙරෙහි විශේෂ ආදරයක් නොතිබූ බව පෙනේ. ඔහු විශ්වවිද්‍යාලයේදී තමාව රැුවටූ බවත් ආදරය සෙල්ලමක් කොට ගත් බවත් ඇය ප‍්‍රශ්න කරයි. අනෙක් අතට ඒ මාධවීගේ ප‍්‍රථම පේ‍්‍රමයයි. ප‍්‍රථම පේ‍්‍රමය බිඳ වැටීම ගැන ඇය වර්තමානයේද යම්තාක් දුරට පශ්චාත්තාප වන බැව් පෙනේ. ඒ අරභයා ඈ තුළ නවීන් කෙරෙහි ඇතිවූ වෛරය තවමත් පහව ගොස් නොතිබෙන්නට පිළිවන.

රාජිත දිසානායකගේ නාට්‍ය නිර්මාණ අතුරින් ගීත දක්නට නොලැබෙන නාට්‍යයක් ලෙසද ”‍ආදර වස්තුව”‍ කැපී පෙනේ. මෙහිද එක් ගීතයක් පේ‍්‍රක්ෂකයාට අසන්නට ලැබුණත් රාජිතගේ සෙසු නාට්‍යවලදී මෙන් එය නාට්‍යයේ අභ්‍යන්තරික අංගයක් ලෙස බද්ධව නොව එය යොදා ගැනෙනුයේ නාට්‍යයට බාහිර සාධකයක් ලෙසිනි. නාට්‍යයේ අවසානයේ පෙර කී වෙඩිතැබීමේ සිදුවීමෙන් පසුව නවීන්ගේ ජංගම දුරකථනය නාද වේ. ඒ දුරකථන ඇමතුම නවීන්ගේ බිරිඳගෙනි. නවීන්ගේ දියණියගේ පාසල් ප‍්‍රසංගය පැවැත්වෙන්නේ එදිනය. නවීන්ට ඒ සඳහා සහභාගිවීම මඟහැරෙනුයේ මාධවීගේ සම්මුඛ සාකච්ඡුාව හේතුවෙනි. එහෙත් බිරිඳ ජංගම දුරකථනය ඔස්සේ තම දියණියගේ ගීතය ඔහුට ඇසීමට සලස්වයි. මේ ජවනිකාවේ දී පේ‍්‍රක්ෂකයාට ගීතයක් අසන්නට ලැබේ. ඒ ජංගම දුරකථනයෙන් ඇසෙන පරිද්දෙනි. මේ ගීය මනරම් අයුරෙන් ගැයුවෝ රාජිතගේ දියණිය රසඳුලා දිසානායක සහ පුතු මහීර් දිසානායකය. මේ ගීතයේ පසුබිම් කතාව මෙසේය. මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ පුත් සහිත් මේ ගීතය රචනා කළේය. ඔහු තම මිතුරු මහීර් වෙත ගීතය යොමු කිරීමෙන් පසුව ඔහු එය සංගීතවත් කොට ගැයුවේය.”‍ආදර වස්තුව”‍ හී අවසාන ජවනිකාව සඳහා ගීතයක අවශ්‍යතාව රාජිතට තිබුණු මොහොතක ඔහුට මේ ගීතය අසන්නට ලැබේ. අදාළ ජවනිකාවට ඖචිත්‍යපූර්වක වූ බැවින් ඔහු මේ ගීතය ජංගම දුරකථනයෙන් ඇසෙන පරිද්දෙන් යොදා ගැනිණ. රාජිතගේ නවතම නාට්‍ය නිර්මාණය වූ ”‍2019 ජූලි මාසේ දවසක්”‍ හී සංගීත අධ්‍යක්ෂණය ඔහුගේ පුත් මහීර් දිසානායකගෙනි. ”‍ආදර වස්තුව”‍ නාට්‍යයේ පසුබිම් සංගීතය කපිල පූගලආරච්ච්ගෙනි.

මතු සම්බන්ධයි