Home » SSS දමිළ සිනමාපටය වැඩ අරඹයි

SSS දමිළ සිනමාපටය වැඩ අරඹයි

by Thanushika
February 6, 2025 10:16 am 0 comment

ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ ඉතිහාසයට අනුව ලංකාවේ කථානාද සිනමාව පිහිටුවන්නේ දෙමළ භාෂාව කතා කරන්නන්.

ඔවුහු දෙමළ සිනමාවේ ආභාසයෙන් චිත්‍රපට නිර්මාණකරණයේ යෙදුණහ.

එවැනි චිත්‍රපට බොහෝ ගණනකින් ලැබූ පන්නරයකින් පසුයි. ලංකාවේ සිනමා කර්මාන්තය ගොඩනැඟුණේ

මේ ඇත්ත ඉතිහාසය කාලයක් යද්දි මැකි ගොස් හමාරය.

කලා නිර්මාණයක් රසවිඳීන්න ප්‍රේක්ෂකයන්ට භාෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. සිංහල ප්‍රේක්‍ෂකයන් සිංහල චිත්‍රපටවලට වඩා ආකර්ෂණය වී ඇත්තේ හින්දි, තෙළිඟු, දමිළ, මලයාලම් චිත්‍රපට නරඹන්නය.

1982 වක වානුවේ සුනිල් සෝම පීරිස් විසින් දෙමළ සිනමා පටයක් නිර්මාණයේන් පසු දෙමළ සිනමාපට නිර්මාණය වූයේ අල්ප වශයෙනි. නැවත කෝමාලි කිං,ඉරානි සිනමා පට නිර්මාණය වීමෙන් අනතුරුව

ඒ රික්තයට තිත තබන්න සූදානම් බව තව්තිසා පික්චර්ස් හි සභාපති මොහාන් පෙරේරා නව සිනමා පටය ඉඉඉ වැඩ අරඹමින් පැවසීය.

(තෙළිගු/ දමිළ / කන්නඩා / මලයාලම් භාෂාවලින්) චිත්‍රපටය දැවැන්ත අන්තර්ජාතික නිෂ්පාදනයක් ලෙස ලාංකික රංගන ශිල්පින්ගේද සහභාගීත්වයෙන් පසුගිය දින හින්දු ආගමික වතාවත්වලට අනුව වැඩ ඇරැඹිය.

ඉන්දියාව ලංකාව කැනඩාව එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක එකවර ප්‍රදර්ශනය ඇරැඹීමට කටයුතු සම්පාදනය වී ඇති අතර ජේ.ආකාශ්ගේ අධ්‍යක්ෂණයක් වන අතර, එම් නාසර්, විජය කුමාර්, දිව්‍යා, අක්ශිතා, Tamil Big Boss තරු, ඇතුළු ජනප්‍රිය දමිළ තෙළිගු නළු නිලියන් පිරිසක් රංගනයෙන් එක්වෙති.ගිහානි වීරසිංහ, ජීවන් කුමාරතුංග ප්‍රධානව, ශ්‍රී ලාංකීය නළු නිළියන් රැසක් රංගනයෙන් මෙම නිර්මාණය සඳහා එක්වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT