Home » Spying Stars බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළට තේරී පත් වෙයි

Spying Stars බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළට තේරී පත් වෙයි

by Thanushika
October 16, 2025 10:21 am 0 comment

සුළඟ එනු පිණිස, අහසින් වැටෙයි, සුළඟ ගිනි අරන් ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ විමුක්ති ජයසුන්දර Spying Stars p නවතම චිත්‍රපටය Busan International Film Festival හි තරඟකාරී අංශය සඳහා තේරීපත් වී ඇත.

යන්ත්‍ර මතින් තීරණය වන අනාගතවාදී ලෝකයක ජීවත්වන ආනන්දි නැමැති තරුණිය සිය පියාගේ අවසාන කැමැත්ත ඉටු කිරීමට යෑමේදී ඇයට මුහුණ දීමට සිදුවන සිද්ධි දාමයක් වටා Spying Stars චිත්‍රපටය නිර්මාණය වී ඇත. ආනන්දිට මුණ ගැසෙන මවක් සහ ඇගේ සංක්‍රාන්තික ලිංගික දියණිය සමඟ සිදුවන ගනුදෙනුව වටා ගෙතෙන මෙම චිත්‍රපටයේ ඉන්දිරා තිවාරි, සෞම්‍ය ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා ඇතුළු නළු, නිළියන් රැසක් රංගනයෙන් එක්වෙති.

2005 වසරේ කාන් සිනමා උලෙළේදී ‘සුළඟ එනු පිණිස’ වෙනුවෙන් ඔහු ජයග්‍රහණය කළ Caméra d’Or සම්මානය, මෙරට සිනමාකරුවෙකු ජාත්‍යන්තරයේදී දිනාගත් ඉහළම සම්මානය ලෙසත් හැඳීන්වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT