නිවස ලාංකිය සිනමාව Room No 106 රූපගතකිරීම් ඇරැඹේ

Room No 106 රූපගතකිරීම් ඇරැඹේ

by Thanushika
July 18, 2024 12:26 am 0 comment

සංගීතා චිත්‍රපට සමාගමේ ඉදිරිපත් කිරීමක් වන මෙරට සත්‍ය සිදුවීමක් පාදක කොට ගනිමින් චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂ සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන Room no 106 චිත්‍රපටයේ රූපගතකිරීම් මේ දිනවල සිදුකෙරේ. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙපොළක් වන, සුනෙත් මාලිංග ලොකුහේවා සමඟින් ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර විසින් මෙහි තිර පිටපත රචනා කර ඇත. බිමල් ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමිතා අබේරත්න, ඩිෂ්නි රාජපක්ෂ, නයෝමි තක්ෂිලා, ප්‍රියන්ත සිරිකුමාර, අමිත්ත වීරසිංහ සහ ගීතිකා රාජපක්ෂ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රංගනයෙන් එක්වෙති. ක්ෂේත්‍රයෙන් සමුගත් සැන්ඩෝ හැරිස් රංගන ශිල්පියාගේ පුත්, ශාක්‍ය හැරිස් සිනමාවට හඳුන්වා දීමද සිදුවේ. කැමරා අධ්‍යක්ෂණයෙන් හා සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්න, කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක, අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා, ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියාන් අරුණ ශ්‍රී, සංගීත අධ්‍යක්ෂණයෙන් සංඛ දිනෙත්, සහය අධ්‍යක්ෂණයෙන් නිරුක්ෂාන් ඒකනායක ද, නිෂ්පාදන කළමණාකරණයෙන් ලක්රුවන් ලොකුහපුආරච්චි දායක වෙති. සංගීත ශිල්පි සංඛ දිනෙත් චිත්‍රපට නිෂ්පාදනය සඳහා එක්වන අතර, ප්‍රවීන් ජයරත්න, ජීවන්ත කල්දේරා, පබෝදිනී ජයකොඩි සහ ඉෂානි සෙනෙවිරත්න සම නිෂ්පාදනයෙන් එක් වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT