ශේන් ආර්යන් නිලාම් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කරන RAAZ නවතම චිත්‍රපටයේ සමාරම්භක උත්සවය පසුගියදා කළුබෝවිල ශ්‍රී වෙන්කටේශ්වර මහා විශ්ණු මූර්ති කෝවිල් පරිශ්‍රයේදි පැවැත්විණ. රෝස ආදරේ සිනමා පටය සහ පුංචි තිරය තුළින් බැක් සයිඩ් ගෙනා අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන්, අශෝක් ජයකොඩි විසින් RAAZ නිෂ්පාදනය කරනු ලබනු ලබයි.
ආදරය, කුතුහලය සහ ත්‍රාසය එක්කරමින් RAAZ නිර්මාණය වීමට නියමිතයි.
නිමේෂ් එදිරිසිංහ, සප්නා පාදුක්ක, තත්සරණි පියුමි සමගින් පැතුම් රුක්ෂාන් ප්‍රධාන චරිතයන් සඳහා රංගනයෙන් එක්වෙති. සෙසු චරිත නිරූපණයෙන් දකුණු ඉන්දීය රංගන ශිල්පි වේල රාමමූර්ති, නයෝමි තක්ෂිලා, දුලීකා මාරපන, කුමාරි මුණසිංහ, මීනා කුමාරි, කීර්ති කේ. රත්නායක, ආකාශ් බුද්ධි ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් එක්වී ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් රෙජී සෙල්වරාසා, කැමරාකරණයෙන් අමිල ප්‍රදීප්, කලා අධ්‍යක්ෂණයෙන් ධනංජය අලහකෝන්, අංග රචනයෙන් ආසිරි චතුරංග, සහය අධ්‍යක්ෂණයෙන් අලංක ටී. කළුආරච්චි, ඇඳුම් නිර්මාණයෙන් කෝෂිලා මධුශානි එක් වේ.