සංදෙශ් බණ්ඩාරගේ නවතම අධ්‍යක්ෂණයක් වන Prank සිනමා පටයේ මුහුරත් උලෙළ පසුගිය දින නවලෝක ශ්‍රවණාගාරයේදී. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස, විශේෂ ආරාධිත අමුත්තන් සහ කලාකරුවක් රැසක් මේ සඳහා සහභාගි විණ.
Prank තිරරචනය බුද්ධික සේමසිංහගෙනි.දිනුක චමෝද් කලා අධ්‍යක්ෂණයෙන්, අශාන් දිනුක වේශ නිරූපණය, විශ්වනාත් විජේසූරිය සංගීතයෙන් ධනංජය රුක්ශාන්, ගීත රචනයෙන් බන්ධුල නානායක්කාරවසම්, සහාය අධ්‍යක්ෂණය, රොෂාන් ජයසුන්දර නිෂ්පාදන කළමනාකරු, නිශාන්ත සිංහලගේ දායක වෙති.
අශාන් විජේසූරිය, අංජලී ජයසිංහ, රොෂාන් පිලපිටිය, ශාරද් චන්දුම, කිෂූ ගෝමස්, සුහන්දි වෝශදී, දේවින්ද වික්‍රමසිංහ යන ශිල්පීහූ රංගනයෙන් එක්වෙති. Prank නිෂ්පාදනය කරනුයේ ගයා ඒකනායක විසිනි.