නිවස කළා පුවත් NSBM හරිත විශ්වවිද්‍යාලයීය වීරාභිචින්තන

NSBM හරිත විශ්වවිද්‍යාලයීය වීරාභිචින්තන

by Thanushika
August 8, 2024 12:39 am 0 comment

NSBM හරිත විශ්වවිද්‍යාලය නිර්මාතෘවරයා වශයෙන් කටයුතු කරන උපකුලපති මහාචාර්ය ඊ.ඒ.වීරසිංහ මහතගේ නොසැලෙන අභීතවත් නායකත්වය අගය කොට උපහාර දැක්වීමේ සමරු උත්සවය පසුගිය දින NSBM හරිත සරසවියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ සහභාගීත්වයෙන් මේ උත්සවය පැවැත්විණ. එහි මුඛ්‍ය දේශනා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු සහ ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්වරු පැවැත්වූහ. චානුක වත්තේගම විසින් රචිත NSBM LEGACY කෘතියෙහි පළමු පිටපත NSBM හරිත විශ්වවිද්‍යාලයීය නිර්මාතෘ උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහයන් හට පිරිනැමීය. ඉන් අනතුරුව පැමිණ සිටි විශේෂ ආරාධිතයන් වෙත උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහයන් එම කෘතිය පිරිනැමීය. ලංකා බැංකුවත් සමඟ අත්වැල් බැඳ ගනිමින් විශ්වවිද්‍යාල ගොඩනැඟීම හා වර්තමාන සංවර්ධිත ක්‍රියාදාමය වෙනුවෙන් කළ කැපකිරීම අගයනු වස් උපකුලපතිවරයා හට විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරිණ. එයට සමගාමීව ඉදි වෙමින් පවතින වෛද්‍ය පීඨයේ අනුරුව විවෘත කිරීමද සිදුවිය. ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසම් උත්සව සභාව මෙහෙය වීය. NSBM හරිත සරසවියෙන් බිහි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශේහානී ජෝසප් සභාව ආමන්ත්‍රණය කළාය.

[email protected]

 

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT