වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
හෙළ සිනමාවේ රෝමියෝ කෘතිය එළිදකී

ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහගේ ජීවිත කතාව ඇතුළත් ‘හෙළ සිනමාවේ රෝමියෝ’ කෘතිය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරිණි. දශක හයක කාලයක් පූරණය කරමින් ශ්‍රී ලාංකේය ශ්‍රව්‍ය දෘශ්‍ය කලාව උදෙසා තම අද්විතීය ප්‍රතිභාව, ප්‍රකට කළ මානව ගුණ සපිරි ප්‍රභාශ්වර පෞරුෂය විවරණය කරන මේ ග්‍රන්ථය සරච්චන්ද්‍ර මුතුබණ්ඩා විසින් රචිතය. එදින එහි දේශන පවත්වන ලද්දේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක, ප්‍රවීණ කිවිවර පරාක්‍රම කොඩිතුවක්කු, ප්‍රවීණ සිනමා අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි විසිනි. එහිදී කතුවරයා විසින් ප්‍රවීණ රංගන ශිල්පි ඩග්ලස් රණසිංහට එහි මුල්ම පිටපත පිරිනැමීමෙන් අනතුරුව එම පිටපත ඔහුගේ එකම පුතුහට පිරිනමන ලදී. එදින පැමිණි විශේෂ ආරාධිතයන් වන ප්‍රවීණ රංගන ශිල්පිනී ශි‍්‍රයාණි අමරසේන, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ අමරසේන, හිටපු ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, නව පරපුරේ රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇතුළු පිරිසකට එම කෘතිය පිරිනැමිණ.