රහස් කියන කඳු හෙට සිට

නොවැම්බර් 16, 2023

ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය හෙට (17) සිට තිරගත වීම ඇරැඹේ.

සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ලක්මාල් ධර්මරත්න, ආනන්ද කුමාර උන්නැහේ, කලණ ගුණසේකර, ජගත් මනුවර්ණ, නිමල් පල්ලේවත්ත, චමින්ද පුෂ්පකුමාර, සමන්ත පරණ ලියනගේ, ගාමිණි ජයරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, මාදනී මල්වත්ත, ගයාත්‍රි ඒකනායක, නලින් ලුසේනා, කෝරළගේ සමන්, යසන්ත නිරෝෂන්, සමන් බණ්ඩාර ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා එක්වී ඇත.

‘රහස් කියන කඳු’ නිෂ්පාදනය ජගත් මනුවර්ණ, සුනිල් ටී.ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර, චන්න දේශපි‍්‍රය සහ රසිත ජිනසේනගෙනි.