වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
‘රෝහණ සුළෙල ගී රොද’ ග්රන්ථය චිත්රපට සංස්ථාවේ සභාපතිට
සැප්තැම්බර් 14, 2023

ප්රවීණ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධනයන් ගේ ‘ඔබේ අතගෙන’ ඒක පුද්ගල ගී ප්රසංගය පසුගියදා මහරගම තරුණ සේවා රඟහලේ දී පැවැත්විණි. එහිදී රෝහණ පිළිබඳ සහ ඔහුගේ ගීත පිළිබඳ ලියවුණු ‘රෝහණ සුළෙල ගී රොද’ ග්රන්ථය දොරට වැඩිණ. ප්රවීණ ගීත රචක යාපා බණ්ඩාර සෙනෙවිරත්න විසින් රචනා කරන ලද මේ ග්රන්ථය අරුණ කාන්ති චිත්රපට වෙනුවෙන් සුනිල් අරුණ වීරසිරිගේ ප්රකාශනයකි. මේ එම ග්රන්ථය පසුගියදා එහි ප්රකාශක සුනිල් අරුණ වීරසිරි විසින් චිත්රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්රරත්න මහතාට පිරිනැමූ අයුරු.