ඩොනල්ඩ්ට උපහාර

සැප්තැම්බර් 14, 2023

චිත්‍රපට 100 ක සහාය අධ්‍යක්ෂ ලෙස වාර්තාවක් තැබීමට සූදානම් වන මායා, ප්‍රවේගය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්තට පසුගිය දින ඔහුගේ පාසල වන කොටපොළ ජාතික පාසලේ දී විශේෂ උපහාර උලෙළක් පැවැත්විණි.

මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු කලාකරුවෝ රැසක් මේ සඳහා සහභාගි වූහ. එහිදී විදුහල්පති ප්‍රේමවන්ත අබේවික්‍රම මහතා සිසු සිසුවියන් අමතා ප්‍රකාශ කළේ ඩොනල්ඩ් ජයන්ත විදුහලට අත් කර දුන් කීර්තිය වත්මන් විද්‍යාර්ථීන් ට පූර්වාදර්ශයක් බවයි. ශිෂ්‍ය නායකයන්ට නිල ලාංඡන පැලඳවීම ද එදින ඩොනල්ඩ් ජයන්ත අතින් සිදු විය.

මීට සමගාමීව තවත් උපහාර උත්සවයක් මොරවක් කෝරළයේ කොටපොළ සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සහ විධායක සභාව ද සංවිධානය කර තිබිණි. විවිධ සම්මාන, ගෞරව නාමවලින් පිදුම් ලබා ඇති ඩොනල්ඩ් අලුත් පරපුරක් සිනමාවට හඳුන්වා දීමේ පෙරගමන්කරුවෙකි.