වර්ෂ 2023 ක්වූ December 09 වැනිදා Saturday
ප්‍රේම පුරාණය ජනගත වේ

මෙරට පුවත්පත්, සංගීතය, සිනමා සහ ප්‍රකාශන ක්ෂේත්‍රයේ පුරා සිය අඩසියවසක අත්දැකීම් ඇසුරින් ලේඛනගත කළ ප්‍රේම් දිසානායකගේ ‘ප්‍රේම පුරාණය’ ග්‍රන්ථය පසුගියදා කොළඹ පදනම් ආයතනයේදි ජනගත කෙරිණි. මෙහිදී ආචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, ගේය පද රචක කුලරත්න ආරියවංශ, ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සහ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි ඇතුළු විද්වත් මඩුල්ලක සංවාද මණ්ඩපයකින් සමන්විත විය ‘ප්‍රේම පුරාණය’ සුරස ප්‍රකාශනයකි. ‘ප්‍රේම පුරාණය’ අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට පිළිගැන්වීය.