මංගලම් 10 කොළඹ දී , 24 වීරවිල දී

සැප්තැම්බර් 7, 2023

හිරු 25 වැනි සංවත්සරයට සමගාමීව වත්මන් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මංගල සිහිනය සැබෑ කරගන්නට සිහින දකින පෙම්වතුන් වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වාගේ සංකල්පයකට අනුව පස්වැනි වරටත් ඉදිරිපත් කරන වසරේ දැවැන්ත විවාහ මංගල ප්‍රදර්ශනය එළැඹෙන සැප්තැම්බර් 10 වැනි දින පෙ.ව.09.00 සිට ප.ව.05.00 දක්වා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදීත් සැප්තැම්බර් 24 වැනි දින ඩබල් ට්‍රිබල් හිල්ටන් වීරවිල රාජ්‍ය වර්ණ රිසෝට් හි දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ බව පසුගිය දින කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවේදි වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත සඳහන් කළේය. මේ විවාහ උත්සවය උත්කර්ෂවත් අන්දමින් නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අලෙවි අධ්‍යක්ෂක සෙනාස් පෙරේරා සහ හිල්ටන් සාමාන්‍යාධිකාරි කාරීම් සච්ඩුල් සහ ඩබල් ට්‍රිබල් හිල්ටන් වීරවිල රාජ්‍ය වර්ණ රිසෝට්හි කළමනාකාර රනිල් පෙරේරා පැවසූහ. මංගලම් 2023 වෙනුවෙන් ලක්ෂ 75 කට අධික වටිනාකමකින් යුතුව ලක්ෂ 150කට අධික සමස්ත පිරිවැයක් දරන මංගල උත්සව දෙකකි. මංගල සිහින දකින ආදරවන්තයින් වෙනුවෙන් කුසපත් ඇදීමෙන් විවාහ උත්සවය නොමිලේ තිළිණ කරන්නට පස්වැනි වරටත් හිරු සැදී පැහැදී සිටියි. විවාහ මංගල උත්සවයකට අවශ්‍ය සියලු අනුග්‍රහකයන් සියලු දෙනාම මේ සඳහා එක්වනු ඇත. මේ විවාහ මංගල උත්සව දෙක සජීවීව සමීප කරන්නටත් සියලු කටයුතු සූදානම් කර ඇත.