වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
සිකුරා ද මල්සරා ද
මැයි 25, 2023

චිත්රපට නිෂ්පාදක සුනිල්.ටී ප්රනාන්දුට මේ දවස්වල වෙනදාට වැඩිය රතු රෝස මල් ලැබෙන ප්රමාණය වැඩි කියලා සුනිල්.ටී ඔහුගේ යාළුවකුට කියලා තියනවා.
එවිට ඔහු කියලා තියෙන්නේ එහෙනම් සිකුරා රජවෙලා කියලයි. කොහොම වෙතත් ඔහු යන යන තැන ඔහු සමඟ සෙල්ෆි ගැනීමට නම් ගෑනු ළමයි පොරකන බව නම් හැමදාම කියනවා. මේත් ඒ ලැබුණු රතු රෝස මල් පොකුරෙන් දෙකක් තමයි කියලා දැකපු අය කිව්වේ. මේ කතා අහපු සුනිල්.ටී “සිකුරා නැතුව මල්සරා වෙන්න මට අවස්ථාවක් උදා කරලා දෙන්න බැරිද” කියලයි ඔහු ගෙන් අහල තියෙන්නෙ. සිකුරා වුණත් මල්සරා වුණත් ඔහුට නාරිලතා මල් නම් අඩුවක් නෑ කියලයි කියන්නේ.