වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
පද්මිණී දහනායක සමුගනී

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල භරත නාට්‍යම් නර්තනාචාර්‍යවරිය ශී‍්‍රමතී පද්මිණී දහනායක ආරියදාස මහත්මිය පසුගිය 15 වැනි දින තම ජීවිත ගමනට සමුදුන්නාය.
එතුමිය තම නර්තන දිවියට අත් පොත් තබන්නේ 1954 ජූලි 03 වැනිදාය. ඒ දකුණු ඉන්දියාවේ සෞන්දර්ය විද්‍යා පීඨයට ඇතුළත් වීමෙන් පසුවය. වසර ගණනාවක් එහි භරත නාට්‍යම් ශිල්පය ප්‍රගුණ කිරීමට අමතරව ශ්‍රී ලංකාවට පා තැබූ ඇය ශී‍්‍ර පද්ම රංග නමින් නර්තන පාසලක් පටන් ගෙන ශිෂ්‍ය පරම්පරාවකට තම දැනුම ලබා දුන්නාය.
ඇය කලක් කොළඹ මියුසියස් විද්‍යාලයේ සේවය කොට ඇති අතර කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්‍යවරියක ලෙසද සේවය කළාය. ඇය ‘සැඩ සුළං’ චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපාමින් සිංහල සිනමාවටද එක් වූවාය. ඇය ජනපි‍්‍රය ගායන ශිල්පී මොරිස් දහනායකගේ නැඟණියයි.
ඇයගේ දේහය බොරැල්ල අජ් රේමන්ඩ් හි තැන්පත් කරඇති අතර, අවසන් කටයුතු අද 18 සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.