උද්දිකගේ බලාපො‍රොත්තුව

මාර්තු 23, 2023

ළඟ ළඟම එන සම්මාන උලෙළකට පෙර තේරී පත්වුණු ශිල්පීන් දැනුම්වත් කිරීම හා ඔවුන් සම්මාන සඳහා නිර්දේශ වෙනවා ද නැද්ද යන්න පිළිබඳ සිත් තුළ චකිතයක් ඇති කිරීමට සිදු කරනු ලබන නිර්දේශිත නාම සන්ධ්‍යාව පසුගියදා බත්තරමුල්ල waters edge හෝටලයේදී පැවැත්වුණා.

මෙහිදී තරග බිමේ සිටින උද්දික ප්‍රේමරත්න සහ ප්‍රියන්ත සිරිකුමාර සියලු කටයුතු අවසන්වීමෙන් පසු කතා බහේ යෙදුණා. ඔහු කියා සිටියේ පැවැති එක සම්මාන උලෙළකින් නම් උද්දික ජනප්‍රියම නළුවා වුණා. එළැඹෙන මේ සම්මාන උලෙළෙත් එහෙම වෙයිද දන්නේ නෑ කියාය.

උද්දික එයට පිළිතුරු දෙමින් කියා සිටියේ “මම නම් කැමැති ‘සිරි’ හොඳම නළුවා වෙනවා නම්” කියාය. සිරි කුමාරගේ කට්ටියත් උද්දිකගේ කට්ටියත් ලහිලහියේ විශේෂ සූදානමක් වන බවක් නම් අපිට පසුගිය දින අහන්නට ලැබුණා. මෙහි කූටප්‍රාප්තිය සිදු වෙන්නේ විසිපස් වැනි දිනට පසුව බවයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නිශ්ශංක විජේරත්න