වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
‘අන්තර්ජාතික කාන්තා දින’ සම්මානයෙන් පිදුම් ලැබුවෝ

අන්තර්ජාතික කාන්තා දින ජාතික උත්සවය ‘ඇය දැයේ අභිමානය’ තේමාව කරගනිමින් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය, ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මැතිනියගේ උපදේශකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණි. අභිමානවත් හා දීප්තිමත් කාන්තා චරිත සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කළ අතර, එහිදී ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය සුජාතා අත්තනායක, ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන, ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා යන මහත්මින් සහ දෙඅත් සහ එක් පාදයක් අහිමිව තිබියදී පාදයෙන් ලියමින් අධ්‍යාපනයෙන් ඉහළට ගිය රශ්මි නිමේෂා ගුණවර්ධන මෙනවිය එදින සම්මානයෙන් පිදුම් ලැබූහ.