රසිකාවකගේ ඉල්ලීම

දෙසැම්බර් 1, 2022

ප්‍රවීණ ගායන ශිල්පිනී රූපා ඉන්දුමතී පසුගිය දිනක උත්සවයකට සහභාගි වුණා. එහිදී ඇගේ රසිකාවක් දුවගෙන ඇවිත් විදුලි දුම්රියේ චංචල නාදේ ගීතය කියන ලෙස ආයාචනාත්මකව ඉල්ලා සිටියා. රූපා ඉන්දුමතීට එදා එතැනින් බේරිලා යන්නට නොහැකි තත්ත්වයක් උදා වෙලා. පාසල් යන කාලේ තමා දැඩි ලෙස ඇලුම් කළ ගීතයක් සජීවීව ගායනා කිරීම ඇසීම ඇය ලද පිනක් බව ඈට හැඟෙන්නට ඇත. රූපා ඉන්දුමතී සජීවීව දැක ගැනීමට ලැබීමත් එක්තරා සතුටක් වෙලා. ඒ බව ඇසූ රූපා ඉන්දුමතී ද ඉතා සංවේදී වුණා. ඒ බව ඇගේ දෙනෙතට ඉනූ සතුටු කඳුළින් පෙන්නුම් කළා.

 එබැවින් එදා ගැයූ ගීත චිරාත් කාලයක් මතු පරම්පරා වෙනුවෙන් ආරක්ෂා විය යුතු නොවේද ?