වර්ෂ 2023 ක්වූ March 22 වැනිදා Wednesday
ශ්‍රී වික්‍රම නුර්තිය නව අර්ථකථනයකින් යළි වේදිකාවට
නොවැම්බර් 24, 2022

නීතිඥ ජෝන් ද සිල්වාගේ ශ්‍රී වික්‍රම නුර්තිය නව අර්ථකථනයකින් යළි වේදිකාවට නැඟේ. රත්නශීලා පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන ශී‍්‍ර වික්‍රම නුර්තිය සඳහා වසන්ත ගුණවර්ධන, නිමල් ජයසිංහ රත්නශීලා පෙරේරා, රාජසිංහ ලෝලුවාගොඩ, අනුර විජේසිංහ, රවීන්ද්‍ර කෝදාගොඩ ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වෙති. නාට්‍යය නිෂ්පාදනය කරනුයේ සේනාරත්න සිල්වා විසිනි. පසුගිය දා මෙහි මුහුරත් උළෙල කොළඹ ජෝ - නෙත් ශබ්දාගාරයේදී පැවති අතර, සියලු අනුශාසනා සිදුකරනුයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසිනි.