ගෞරවනීය අමුත්තාට රේගු දඩ

නොවැම්බර් 17, 2022

බොලිවුඩයේ කිං ඛාන් පසුගියදා මුම්බායි හි චත්‍රපති ශිවාජි මහරාජ් අන්තර්ජාතික ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් නවතා දමන ලදී. එයට හේතුව වී තිබෙන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් වටිනා අත් ඔරලෝසු එම අවස්ථාවේ ඔහු සතුව තිබීමයි. කිං ඛාන් හට මෙම සිදුවීම වී තිබෙන්නේ සාජා අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය 2022 සඳහා ගෞරවනීය ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වී පැමිණෙන අවස්ථාවේදීය.

ෂාරුක් හට ගුවන්තොටුපොළෙන් පිටවීමට ඉඩ දී තිබෙන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 6.83 ක දඩ තීරුබදු ගෙවීමෙන් අනතුරුවය. කිං ඛාන් මුම්බායි ගුවන් තොටුපොළේ නතර කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2011 වසරේදී ද අතිරික්ත ගමන් මලු රැගෙන යාම සහ විදේශීය භාණ්ඩ ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුගෙන් ප්‍රශ්න කරන ලද අතර එහිදී ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 1.5 ක දඩයක් නියම විය.