‘රං කොල්ලා’ හෙට එයි

නොවැම්බර් 17, 2022

වේදිකාවත්, පුංචි තිරයත් සම්මානනීය රංගනයෙන් ඔපවත් කළ සුමිත් රත්නායකගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘රං කොල්ලා’ චිත්‍රපටය හෙට (18) සිට තිරගත කෙරේ.

හැත්තෑව දශකයේ අනුරාධපුරයේ සුන්දර ගම්මානයක ජීවත් වූ වයස අවුරුදු 05ක පමණ දුටුවන් වශීකරනසුලු රූපයකින් හෙබි අහිංසක දරුවකු වටා ගොඩනැඟුණු මානව බැදීම් සහ ආදරය තේමා කරගත් කතාවක් ලෙසින් ‘රං කොල්ලා’ තිරයට එක් වේ.

රංගනයෙන් ආචාර්ය ජයලත් මනෝරත්න, අයිරාංගනී සේරසිංහ, ඔකිත දම්සත් (හඳුන්වා දෙන ළමා නළු), චාන්දනී සෙනෙවිරත්න, ගීතා කාන්ති ජයකොඩි, හේමසිරි ලියනගේ, සුමිත් රත්නායක, මාදනී මල්වත්තගේ, මංජුලා කුමාරි, මධුකා මඩවල, සරත් චන්ද්‍රසිරි, සුසිලා කෝට්ටගේ, අනුර බණ්ඩාර රාජගුරු, නෙස්ටා මානෙත් (ළමා), සුබගි කෞලින්යා (ළමා) ඇතුළු පිරිසක් සහභාගි වන අතර, ශාන්ති දිසානායකගේ ‘රං කොල්ලා’ යොවුන් නවකතාව ඇසුරින් මෙය නිර්මාණය වී ඇත.