දර්ශන් කියු අවසන් වචන පෙළ

නොවැම්බර් 10, 2022

‘නිරංජි මම ඔයාට ආදරේ කරන්නෙ අපේ ජාතිය වෙනුවෙන් විතරක් නෙවේ. අපි දෙන්නාගේම මව්බිම වෙනුවෙන් කලාවට කරන මෙහෙවර වෙනුවෙන්.‘ මගේ ආදරණීය මිත්‍රයා, සහෝදරයා දර්ශන් ඊළඟට මට කියපු දේ ගැන නිටා අක්කේ මට හිතාගන්න බැරිවුණා. නිරංජනී කීවේ ප්‍රාණ මංගල දර්ශනයට පැමිණි අවස්ථාවේ. ‘ජීවිතයේ මට ලබා ගන්න ලොකු දේවල් තිබුණා. ඒත් මට මෙච්චර කාලෙකට රජෙක් වගේ ඇඳලා රඟපාන්න අවස්ථාවක් හිමි වුණේ නැහැ. මම රජෙක් කරපු ප්‍රාණ ෆිල්ම් එක රිලීස් වනදාට මම එන්නෙත් රජෙක් වගේ ඇඳලා. නිරංජි එදාට මම එද්දි අන්න රජ්ජුරුවෝ එනවා කියලා කියන්න හැමෝම බලාගෙන ඉන්නේ. ඒ ගැන හිතද්දි මට දැනෙන සතුටට වැඩිය එදාට ඔයාට දැනෙන සතුට කොහොම තියේවිද මගේ සහෝදරී?. දර්ශන් ධර්මරාජ් අවසන් වතාවට නිරංජනී ශන්මුගරාජා අමතා කියූ වචන ටික සිහි කර රංගනවේදී නීටා ප්‍රනාන්දුගෙන් ‘මේ සියලු දෙනා අපිව හැර දමා යන්න ඉස්සෙල්ලා මේ වගේ දේවල් ඇත්තටම ද කියන්නේ?’ යැයි විමසුවේ කඳුළින් තෙත් වූ දෙනෙතින් යුතුවය.