වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
The Game" නැරැඹීමට රන්ජන්ගේ පැමිණීම සිනමාවේ ඉතිහාසගත වාර්තාවක්

ලාංකේය සිනමා ඉතිහාසයේ මතු නොව ලෝක සිනමා ඉතිහාසයෙහිද ඇතැම්විට ගිනස් වාර්තාවක් විය හැකි සිදුවීමක් අද කොළඹ Scope සිනමා ශාලාවේදී දකින්නට ලැබිණ.එනම් සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ "The Game" චිත්රපටයෙහි විශේෂ ආරාධිත දර්ශනය නැරැඹීම සඳහා , එහි ප්‍රධාන චරිතය රඟපෑ , වත්මනෙහි බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක ජනප්‍රිය රංගවේදීයාට අවස්ථාව ලැබීමය.
1982 වසරේ බන්ධනාගාරගතව සිටි ලාංකේය සිනමාවේ සුපිරි තරුව විජය කුමාරතුංගයන්ටද එකල තමා රඟපෑ චිත්‍රපටයක් නැරැඹීමට මෙබඳු අවස්ථාවක් හිමිවූයේ නැත. එසේම අසල්වැසි බොලිවුඩ් සිනමාවේ බන්ධනාගාරගතව සිටි සන්ජේ දත්, සල්මාන් ඛාන් වැනි ලෝ ප්‍රකට නළුවන්ටද මෙබඳු අවස්ථාවක් ලැබුණේ නැත.මේ ඓතිහාසික සිදුවීම සඳහා මාධ්‍ය ආවරණය ලබාදීමට අධ්යක්ෂ සුරංග ද අල්විස් ඇරැයුම් කොට තිබුණේ මුද්‍රිත මාධ්‍ය අතරින් සරසවිය ජාතික කලා පුවත්පතට පමණි. සරසවිය වෙබ් අඩවිය ඔස්සේ එය එසැණ (Live) විකාශයක් ලෙස ලෝ පුරා ප්‍රේක්ෂකයන්ට නැරැඹීමට අවස්ථාව ලැබිණ.
සේයා රූ තිලක් පෙරේරා