වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
කාටද ඕනෑ වුණේ

ෆ්ලෑෂ් බැක් රොෂාන් ප්රමුඛ කණ්ඩායමට වෙන දා ලැබෙන පේ්රක්ෂක ප්රතිචාරවලට වැඩිය විශේෂ සිදුවීමක් සිදු වු බව දැනගන්නට ලැබුණා. විශේෂ සෙල්ෆි ජායාරූපයක් ගැනීමට පුද්ගලයකු දුවගෙන ඇවිත් තියෙනවා. ඒ හෝටලයක ප්රසංගයක් අතරතුරදීය. මේ වෙන කවුරුවත් නෙවෙයි ඔබත් මාත් හොඳට හඳුනන ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නය. රොෂාන් ප්රමුඛ කණ්ඩායම එකපාරම පුදුමයකට පත් වී යන්න ගිය තැනත් අමතක වෙලා කියලා තමයි අපිට නම් ආරංචි. කොහොම වෙතත් වෙනදා සෙල්ෆි ගන්නේ ක්රීඩාලෝලීන් පොර කකා දිමුත් කරුණාරත්න සම`ගයි. දිමුත්ගේ මේ වැඬේ ගැන ඒ අවස්ථාවේ සිටි සියලූදෙනාම පුදුමයට පත්වෙලා තියනවා. කෙසේ වෙතත් ෆ්ලෑෂ් බැක් නායක රොෂාන් ඇතුළු කණ්ඩායම ද ක්රිකට්වලට ඉතා ප්රියයි. දිමුත් කරුණාරත්නද සංගීතයට ප්රියතාවක් දක්වයි. නමුත් අද සමහරුන්ට තියෙන ප්රශ්නය රොෂාන් ද සෙල්ෆි ගන්න දුවගෙන ආවේ නැත්නම් දිමුත් ද කියන එකයි. කොහොම වෙතත් දෙදෙනාම මෙය රහසක් හැටියට තියාගෙන ඉන්න එක නම් දැන් කාටත් දැනගන්න ලැබිලායි තියෙන්නේ.