වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
දන්සල් වඳින්න කතරගමට ගිහින්

සිනමා අධ්‍යක්ෂකවරයකු වන ශ‍්‍රී ලාල් ප‍්‍රියදේව මේ දිනවල දකින්න නොලැබෙන හින්දා, සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ අධ්‍යක්ෂකවරයෙක් දුරකථන ඇමතුමක් අරන් තියෙනවා. කිහිප වරක් ගත්තත් ඔහු දුරකථන ඇමතුම අරගෙන නැති බවයි දැනගන්න ලැබුණේ. එයට හේතු වී ඇත්තේ ඔහු දුර පළාතකට ගිහින් සිටින බවට කනින් කොණින් කට්ටියට දැනගන්න ලැබීමයි. ඒ ගිහින් තිබෙන්නේ කතරගම ප‍්‍රදේශයටයි. මේ වෙනකොට කතරගම මංගල්‍යය පැවැත්වෙන නිසාත් ශ‍්‍රි ලාල් යාල පැත්තේ ගිහින් කොටි බලන්න කැමැතිය කියලා කියන්නේ. ඒ කොහොම වෙතත් සමහරු නම් කියන්නේ දන්සල් ව`දින්න ගියා කියලයි. කොහොම වෙතත් මහින්ද ඉහළගම හත්වන වරටත් දෙනු ලබන කතරගම පාද යාත‍්‍රාවේ එන බැතිමතුන් වෙනුවෙන් නිර්මාංශ බත් දන්සලට සහයෝගය දෙන්න ගියා කියලයි ශ‍්‍රී ලාල් නම් කියලා තියෙන්නේ. ඒත්, ක්ෂේත‍්‍රයේ ඉන්න සියලූ දෙනාම කියන්න අරන් තියෙන්නේ ඔහුගේ සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු ද පසෙකට තබා දින ගණනාවක් දන්සලේ පිහිට පතන්නට ශ‍්‍රී ලාල් ගිහින් ඇති බවයි.