සිදුරක හිර වූ අමිලාගේ නැටුම

ජුනි 23, 2022

 

අමීලා නදීශානී සිරස සුපර්ස්ටාර්වලින් බිහි වුණ ගායිකාවක්. ප්‍රසංග වේදිකාව ගැන කථා කරන විට අස්සක් මුල්ලක් නෑරම ඇයගේ නම ඇසෙන වාර අනන්නතයි. අමිලා වේදිකාවට ආපුවාම කවුරුත් දන්නවා ඇය නටල, දඟලලා තමයි ගීත ගායනා කරන්නේ. ඒ බව ඇයට පි‍්‍රයකරන රසිකයන් අටුවාටිකා නැතුව දන්නවා. දුර පළාතක ප්‍රසංගයකදී ඇයට හරි ඇබැද්දියක් වුණේ. ඇය වෙනදා දාගෙන යන සපත්තු වෙනුවට එදා දාගෙන ගියේ උල් අඩි සහිත උස සපත්තු දෙකක්. ඒ උල් සහිත සපත්තුවක් වේදිකාව අතුරා තිබූ ලැලී දෙකක් අතර සිදුරකට ගොස් හිර වුණා. මේ හේතුවෙන් නටනටා ගීත ගායනා කරපු අමීලා එක තැන ඉබි යතුරු දැම්මා වගේ ඉන්නට වුණා. ඒ මොහොතේ මොකද අමිලා නදිශානි හිර වුණේ කියලා බලපු සංගීත කණ්ඩායම ගීතය ගායනා කිරිමෙන් පසු අමාරුවෙන් ඇයගේ සපත්තුව ඇද ඉවතට ගත් බවයි ආරංචිය. එදා ඉඳන් අමිලා නදිශානි ප්‍රසංග වේදිකාවට ගොඩ වන විට හොඳට සිදුරු තියනවාද කියලා බලන්න පුරුදු වෙලාලු. ඒ නිසා සංවිධායක මණ්ඩලයටත් දැන් සිදුරු බලන්න වෙලාලු කියලයි ආරංචිය.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න