දමයන්ති ෆොන්සේකාගෙන් පාසලට පොත්

ජනවාරි 13, 2022

සීදූව මෙතෝදිස්ත ප්‍රාථමික පාසලේ නත්තල් උත්සවයක් පසුගියදා විද්‍යාලය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා සීදූව මෙතෝදිස්ත දේවස්ථානයේ සීදුව පලාත් අධ්‍යක්ෂ ගරු ආසිරි පෙරේරා පියතුමා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රංඡිත් ගුණතිලක මහතා සහභාගීවූ අතර විශේෂ ආරාධිතයා වශයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා සහභාගී විය. ඇය විසින් විද්‍යාලයේ දැනට පවතින කියවීමේ ශාලාවට වටිනා පොත් පරිත්‍යාගයක් ලබාදුන් අතර පුස්තකාලයක් ගොඩනැඟීමට ආධාර ලබා දෙන ලදි. ර්ඛ්ට් රසික සංගමයේ සාමාජික සාමාජිකාවන් මෙම උත්සවය සඳහා සිය පූර්ණ දායකත්වය ලබාදී තිබුණු අතර එම සංගමය විසින් විද්‍යාලය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක් පරිත්‍යාග කිරීමද සිදුවිය. විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයත් ඉංගී‍්‍රසි භාර ආචාර්ය මනෝරි ෆොන්සේකා මෙම උලෙළ සංවිධානය කර තිබිණි.