වර්ෂ 2022 ක්වූ August 12 වැනිදා Friday
පළමු වරට මහනුවර නගරයට 4K තාක්ෂණයෙන් යුත් සිනමාහල් සංකීර්ණයක්

4K තාක්ෂණය සමඟ නව සිනමා අත්දැකිම් එකතු කර ගැනීමට ඉකුත් නොවැම්බර් 12 වෙනිදා සිට මහනුවර සිනමාලෝලීන්ට හැකි වී ඇත. ඒ මහනුවර නගර මධ්‍යයේ තිබෙන කැන්ඩි සිටි සෙන්ටර්හි අධිතාක්ෂණික අතිසුඛෝපභෝගී නව සිනමාහල් ත්‍රිත්වයකින් යුත් සිනමා සංකීර්ණය ස්ථාපිත වීමත් සමඟයි. නුවරට ආ මුල්ම 4ඬ තාක්ෂණයෙන් යුත් සිනමාහල් සංකීර්ණය මේ වන විටත් ජනතාවට විවෘත බව එහි ප්‍රකාශකයෙක් සරසවියට සඳහන් කළේය. පළමු සිනමාහල ඩොල්බි ඇට්මොස් ශබ්ද පද්ධතිය හා 3ච් තාක්ෂණයෙන් මෙන්ම ආසන 135කින් සමන්විතය. දෙවැනි හා තෙවැනි සිනමාහල් ඩොල්බි 7.1 ශබ්ද තාක්ෂණයෙන් සකස් කර ඇති අතර එය ආසන දෙවැනි සිනමාහලෙහි ආසන 70ක්ද තුන්වැනි සිනමාහලේ ආසන 150ක් ද වේ. දෙවැනි සිනමාහල විශේෂිත වූ පෞද්ගලික උත්සව සඳහා විශේෂ වූවකි. මහනුවර තිබූ පැරණි සිනමාහල් වන වේල්ස්, රීගල්, ඕඩියන්ස්, වෙම්බ්ලි වැසී ගියත් නැවත මෙවැනි සිනමා සංකීර්ණයක් ඉදිවීම සිනමාවේ පුනරුදයට නව අත්වැලකි.
මෙම සිනමාහල් සංකීර්ණයේ හිමිකරු වනුයේ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ නිෂ්පාදක, කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේනය.