“අවධානය ගිලිහුණු තැන අවදානම” ලොක් ඩවුන්

නොවැම්බර් 3, 2022

පන්නිපිටිය නගරාසන්නයේ ජීවත් වන සමන්ත දේවප්‍රිය කොළඹ රජයේ කාර්යාලයක විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස සේවය කරයි. ඔහුගේ බිරිඳ ලෝචනා දේවප්‍රිය වෛද්‍යවරියක් ලෙසින් සේවයේ නිරත වේ. ඔවුන්ගේ නිවසේ සමන්තගේ මව වන භද්‍රාවතීත්, අවුරුදු තුනක් වයසැති ඔවුන්ගේ දියණිය වූ සහනීත් සමඟින් නිවසේ මෙහෙකාරීය වන කාන්ති ද සිටී. කාන්තිගේ පියාගේ අසනීප තත්ත්වයක් නිසා හදිසියේ ම ඇයට ගමේ යාමට සිදු වේ. සිඟිති දියණියගේ වැඩකටයුතු භද්‍රාවතීට පැවැරෙන්නේ ඉන් අනතුරුව ය. කොරෝනා වසංගතය තදින්ම ව්‍යාප්ත වූ කාලයක හදිසියේම මුළු රටම ලොක් ඩවුන් කිරීම හේතුවෙන්, ලෝචනාට දින කිහිපයක් රෝහලේ නැවතී සේවය කිරීමට සිදු වන අතර සමන්තට ද නිවසේ සිටම රාජකාරිය කිරීමට ද ඉඩ ලැබේ.

 

තරමක සෙම අමාරුවක් නිසා විටින් විට උණ හට ගන්නා කුඩා සහනිට බෙහෙත් පෙවීමට භද්‍රාවතීට සිදු වේ. කෑම බීම දීමට අපහසු සහනිට පුරුද්දක් වශයෙන් ආහාර කැවීමේ දී හැංගිමුත්තන් සෙල්ලම් කිරීමට භද්‍රාවතීට සිදු වේ. මේ මොහොතේ සමන්තගේ වාහනය පැමිණෙන හඬ ඇසී ගේට්ටුව විවෘත කිරීමට භද්‍රාවතී ඉදිරියට පැමිණෙ. භද්‍රාවතීට කුඩා සහනි ගැන මතකය මොහොතකට අමතක වෙයි. මවුපියන්ගේ කාමරයේ සහනි සැඟවීමට තැනක් සොයයි. රියදුරුට තේ කෝප්පයක් පිළිගන්වා සහනිව බැලීමට කාමරයට යන භද්‍රාවතී දකින්නේ ඇය සයනය මත පොරවාගෙන නිදා සිටි ආකාරයයි. සමන්ත මවගෙන් දියණිය පිළිබදව විමසීමේ දී ඇය නිදි බව පවසයි. පැය තුනකට ආසන්න කාලයක් රාජකාරී කටයුතු වල නිරත වන සමන්ත සිය මවට දියණිය අවදිකරවන ලෙස පවසන අතර කාමරයට යන භද්‍රාවතී දකින්නේ ඇඳ මත ටෙඩිබෙයාර් කෙනෙකු සතපා පොරවා ඇති බවයි. නිවසේ සෑමතැනම සෙව්ව ද දියණිය හමු නොවෙයි. ලෝචනාව ද නිවසට ගෙන්වා ගනී. දැරියගේ අතුරුදන් වීම පොලීසියට ද දන්වයි. ඇත්ත වශයෙන් ම කුඩා දැරියට සිදු වූයේ කුමක් ද?. ඉතාමත් තදින් ලොක් ඩවුන් නීතිය ක්‍රියාත්මක වන අවධියක ඇය සොයා ගැනීමට හැකි වන්නේ ද ?. ලොක් ඩවුන් තිරගත වූ දින සියලු ගැටලු නිරාකරණය වනු ඇත.

 

සහය අධ්‍යක්ෂවරයෙකු , තිර රචකයෙකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසි සුනිල් ප්‍රේමරත්නගේ සිව්වන සිනමා නිර්මාණයයි “ලොක් ඩවුන් ” . මෙය ඉතාමත් නුදුරේ දීම තිරගත වීමට නියමිතව ඇත. ඔහු මෙයට ප්‍රථම “ටවුමේ ඉස්කෝලේ -2018” , “වැලි පවුරු -2019” , “නිහඬ සෙවණැලි -2021” යන සිනමා පට ත්‍රිත්වය ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට කටයුතු කර තිබුණි.

 

“ලොක් ඩවුන් ” රංගන දායකත්වය

රොෂාන් රණවන, චුලක්ෂි රණතුංග, අශ්ලි ලියානා (ළමා), කුමාර තිරිමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනී, සහන් විජේසිංහ, කුමාර වඳුරැස්ස, කුසල් මධුරංග, ධනංජි තාරුකා, උදය කුමාරි රණසිංහ, රාජිත රුද්‍රිගෝ, ජයරත්න ගලගෙදර, කපිල සිගේරා, හිරුණි රණසිංහ, රාධිකා තිළිණි ගුණවර්ධන, ආනන්ද ගමගේ, උපුල් නිශාන්ත, නීල් සංජීව, කීර්ති රංජිත් පෙරේරා, ප්‍රියංකා ගුණවර්ධන, ඈන් මිනෝෂි, සුදේශ් ශිරන්ත, රෝෂිණී දිසානායක, වත්සලා නිසංසලා ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා එක්ව ඇත.

 

“ලොක් ඩවුන් ” කාර්මික දායකත්වය

 

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න

නිෂ්පාදනය - සංගීත් අල්ගම, නීල් සංජීව, සුනිල් ටී. ප්‍රනාන්දු

ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය - සිසිකිරණ පරණවිතාන

සහය අධ්‍යක්ෂණය - සම්පත් රත්නායක, කවිඳු නිමේෂ්

සංස්කරණය සහ වර්ණ සංයෝජනය - ශාන් අල්විස් (ෂා ස්ටුඩියෝ )

අංග රචනය - ප්‍රියන්ත ඊස්වර, ක්‍රිශාන්ත කුමාර,

සහය - අමයන්ත රාජපක්ෂ

කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - උපාලි උදයසිරි සහය විජේරත්න වඩුගේ

පසුතල නිර්මාණය - කුමාර ඩී. රාහුබද්ධ

ශබ්ද සංකලනය - සශින් ගිම්හාන් පෙරේරා

දෘශ්‍ය ප්‍රයෝග සහ හඬ පටිගත කිරීම - තනුෂ්ක කහඳවල

ත්‍රිමාණ සජීවීකරණ ශිල්පි - දනාල් තිරංජන

නිශ්චල ඡායාරූප - හසිත නිලුපුල්, බී.ඒ. චේතිය ළහිරු

විධායක නිෂ්පාදන සම්බන්ධීකරණය - ලංකා ධර්මවික්‍රම

සංගීත අධ්‍යක්ෂණය - විශාරද දර්ශන වික්‍රමතුංග

ගීත ප්‍රබන්ධනය - ෂර්මිලා හුසේන්

 

ගීත ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ, ශශිකා නිසංසලා

දෘශ්‍ය ප්‍රයෝග - බිනුර කහඳවල, චතුර විමර්ශ

පසුබිම් හඬ - නිපුනි නයනතාරා, පුරවි රසෝඝා

ප්‍රධාන ආලෝකකරණ ශිල්පී - අසංක සත්සර

ආලෝකකරණ සහය ශිල්පීන් - මංජුල පත්මකුමාර,

බුද්ධික පරණවිතාන, සමන් මායාකඩුව

සංගීතය පටිගත කිරීම - සඳරු ගමගේ (සේජ් ස්ටුඩියෝ)

ඩ්‍රෝන් කැමරා හැසිරවීම - තීක්ෂණ තිසර, මධුරංග පෙරේරා

ජෙනරේටර් ක්‍රියාකරවීම - තරංග සම්පත්

පොලිස් ඇඳුම් සහ උපකරණ සැපයීම - කීර්ති රංජිත් පෙරේරා, ජගත් මල්දෙනිය

ශබ්දාගාර පහසුකම් - සරවුන්ඩ් හවුස්, ආර්ක් සිනේමා

ආලෝක උපකරණ සැපයීම - වීඩියෝ ප්‍රේම් සිනමා

කැමරා උපකරණ සැපයීම - මූවි ටෙක් ෆයින් විෂන්

ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස්