Home » Lia Gold ටෙලිතරු රැයක්

Lia Gold ටෙලිතරු රැයක්

by Thanushika
March 13, 2025 9:13 am 0 comment

සම්මානනීය ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතාගේ නිෂ්පාදනයක් වන ” Lia Gold ටෙලි තරු රැයක්” ප්‍රසංගය මාර්තු 22 දා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. පුංචි තිරයේ ජනකාන්ත තරු 40 කට ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රසංගය සඳහා සහභාගී වීමට නියමිතයි. අලංකාර නර්තනාංග 20 කට වැඩි ප්‍රමාණයකින් ප්‍රසංගය විචිත්‍රවත් වන අතර මෙහි රංගන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල් විසිනි.

Lia Gold ටෙලි තරු රැයක් ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක ලෙස මනුෂී සේනානායක කටයුතු කරන අතර ජනප්‍රිය ජයසිංහ ප්‍රධාන මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි. මෙම ප්‍රසංගයට ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සපයන්නේ දේශීය සමාගමක් වන ඇලරිස් සමූහ ව්‍යාපාරයයි. ස්වර්ණවාහිනිය මෙම ප්‍රසංගයේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. Lia Gold ටෙලි තරු රැයක් ප්‍රසංගය අප්‍රේල් 13 දා රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතයි.
– නයනාංජලී දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT