35
විනෝෂා කිරිවන්දෙණිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Hello from the other side සිනමාපටය පසුගියදා සිය 6 වැනි අන්තර්ජාතික සම්මානය හිමිකරගත්. ඒ මුම්බායේ පැවති 13th international cine Indian film festival හි දීය. මෙම සිනමා උළෙල සඳහා රටවල් ගණනාවක් ඉදිරිපත් වී තිබුණි, 250 කට අධික නිර්මාණ සංඛ්‍යාවක් අතරින් Best Feature Film- Jury Award දිනා ගැනීමට Hello from the other side සිනමාපටයට එහිදී හැකි විය. සිනමාපටයේ අධ්‍යක්ෂිකා විනෝෂා කිරිවන්දෙණිය විසින් එම අවස්ථාවට සහභාගි වෙමින්, සම්මානය ලබා ගන්නා ලදි.