රූපවාහිනී නිර්මාණවේදනියක වන විනෝශා කිරිවන්දෙනිය තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණය Hello form the other side සිනමා පටයේ විශේෂ දර්ශනය හා මාධ්‍යය දර්ශනය පසුගිය දින කළම්බු සිටි සෙන්ටර් ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි.
මෙම චිත්‍රපටයේ එළඹෙන අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බන් හීදිත්, ඉන් අනතුරුව එංගලන්තයේදී තිරගත කිරීමට කටයුතු යොදා ඇත. වෛද්‍යවරයකු හෙදියක් හා වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වටා මෙම කතාන්තරය දිගහැරේ.
චින්තක ඩී. බණ්ඩාර කැමරා අධ්‍යක්ෂණයෙන්ද, නිපුණ ප්‍රනාන්දු සංස්කරණයෙන්ද දායක වන අතර කතාව හා නිෂ්පාදනය විජේන්ද්‍රන් වෝට්සන්ගෙනි.
දමිත් විජේතුංග, දිල්කි දිසානායක, කනිෂ්ක රණබාහු, කමල් දේශප්‍රිය, මොරින් චාරුණි, සුජීව ප්‍රියලාල්, නිමල් ජයසිංහ, විශ්ව ජීවිත් ගුණසේකර, මනෝජා ප්‍රනාන්දු, ප්‍රින්ස් ප්‍රනාන්දු, ජයනා චාමිනී, සුධාරා රන්දිනී ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් එක්වෙති.