දමිත් විජයතුංග නැවතත් සිනමා තිරයේ
සිංහල සිනමාවට නැවුම් බවක් එක් කරමින් නිර්මාණය වූ Hello From The Other Side චිත්‍රපටය ජූලි 31 වැනිදා (අද) සිට දිවයින පුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතයි.
විනෝෂා කිරිවන්දෙණියගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයක් වන Hello From The Other Side හි තිරපිටපත රචනා කර ඇත්තේද ඇය විසිනි. ඇය සිංහල සිනමාවට එක් වූ නවතම කාන්තා අධ්‍යක්ෂකවරිය බවට පත්වේ.
වෛද්‍යවරයෙක්, හෙදියක් සහ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වටා ගෙතුණු මෙම චිත්‍රපටයෙහි කතාව සහ නිෂ්පාදනය විජේන්ද්‍ර වොට්සන් ගෙනි. මෙය ඔහුගේ ප්‍රථම සිනමා නිෂ්පාදනයයි.
මෙහි දමිත් විජයතුංග, දිල්කි දිසානායක, කණිෂ්ක රණබාහු, කමල් දේශප්‍රිය, මොරීන් චාරුනි, නිමල් ජයසිංහ, ප්‍රින්සි ප්‍රනාන්දු, සුජීව ප්‍රියාල්, විශ්වජිත් ගුණසේකර ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී ඇත.
Rhythm of the Guitar චිත්‍රපටයේ අතිශයින් ජනාකර්ෂණයට පත් දමිත් විජයතුංග මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි. Hello From The Other Side චිත්‍රපටය ඔහුගේ රංගනයෙන් දායකවන දෙවන චිත්‍රපටයයි.
මෙහි මංගල දර්ශනය ජූලි 31 වැනිදා (අද) කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී හි සවස 6.30 ට පැවැත්වේ.